September 28, 2013

මරණයෙන් පසු ? මනෝකාය - Astral Body


මෙතෙක් විද්‍යාඥයන් ,  මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව පළි පණ ලැබූ අයගේ  “අන්තර් කාල සීමාව“  පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි  ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීය  යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .

නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දු‍ටු අවස්ථා බොහේ අඩු බවකි .

මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන  “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .

මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි . 
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි.....” මම ඉන්නෙ අපායක කියලයි ” 
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .

September 25, 2013

ප‍්‍රාථමික යුගයේ සුනඛයින් | Ancient Dog,s

සුනඛයා , නරියා , හිවලා වෘකයා එකම කුලයට අයත් සතුන් වන අතර  මේ අතරින් දැවැන්ත සත්වයා වන වෘකයාගෙන් සුනඛයා සම්භවය ලබන්නට ඇතැයි බොහෝ දුරට අනුමාණ කරති .
ගල් යුගයේ මිනිසා ගෘහස්ථ සුරතලුන් ලෙස වෘක පැටවුන් ඇති කර ඇත  මෙම වෘකයින්ගෙන් මිශ‍්‍ර වී සුනඛයා බිහිවන්නට ඇත යන්න විශ්වාස කෙරේ .
සුනඛයාගේ හැසිරීම්, ගති ලක්ෂණ, ශරීර ලක්ෂණ වලින් වෘකයාට බොහෝ දුරට සමානකම් දක්වයි ප‍්‍රාථමික යුගයේ සුනඛ වර්ග අදටත් දැක ගත හැකි වේ .  මේ එසේ අවුරුදු දාස් ගානක්  නොවෙනස්ව  පැවතී ආ සුනඛ විශේෂ තුනකි .

Dingo ඩින්ගෝ

ගල් යුගයේදී ඕස්ටේ‍්‍රලියානු ඇබොරිජන් වරුන් අතර හැදී වැඩුණු කැලෑ සුනඛයා හෙවත් ඩින්ගෝ ගෘහස්ථව ඇති කළ අතර ‘ඩින්ගෝ’ අද ද බැටළු රංචු රැක බලා ගැනීමටත්, කී‍්‍රඩා සඳහාත් භාවිතා කරයි .

Basenji  බාසෙන්ජි

අප‍්‍රිකානු දඩබල්ලෙකු වන බාසෙන්ජිද ප‍්‍රාථමික යුගයේ සුනඛ වර්ගයකි .  කැලෑ සුනඛයාට නෑකම් දක්වයි. බාසෙන්ජි පසු කාලයේදී බි‍්‍රතාන්‍යයට ද ගෙන යන ලදී .

September 22, 2013

රුසියාවට ආවේණික බෝනික්කන් 'මත්රූෂ්කා' - Matryoshka Doll


රටින් රටට ජාතියෙන් ජාතියට තමන්ටම ආවේණික බොහෝ දේ ඇත . මේ අපි හොදින් දැක ඇති එහෙත් කවදා හෝ සොයාබැලීමට උනන්දු නොවන බෝනික්කන් විශේෂයක් ගැනයි .

මතෘෂ්කි  (Matryoshka)  රුසියාවටම ආවේණික වූ අලංකාර බෝනික්කන් විශේෂයකි . මත්රූෂ්කා බෝනික්කන් ගැන විශාල පොතක් ලියා ඇති ලැරිසා සොලොවියොවා කතුවරිය විසින් මත්රූෂ්කා බෝනික්කා ගේ ඉතිහාසය යුග තුනකට බෙදා ඇත එනම්
1890 - 1930 දක්වා යුගය
1930 - 1990 දක්වා යුගය
1990 සිට අද දක්වා

මත්රූෂ්කා බෝනික්කා පළමු වරට උපන්නේ 1890 වසරේදී රුසියාවේ නව මොස්කව් නුවර ඇබ‍්‍රමත්සෙවෝ ජනපදයේ පිහිටි කර්මාන්ත ශාලාවක යැයි සදහන් වේ .
සාවා මැමොන්නොව් විසින් මෙම පළමු මත්රූෂ්කා සාදන ලදී . මෙය කොටස් 7 කින් යුත් මත්රූෂ්කාවක් විය

රුසියානු ලී බෝනික්කන් විශේෂයක් වන මෙම බෝනික්කන්ට මත්රූෂ්කා යන නම යොදා තිබෙන්නේ පුරාණ රුසියන් ගොවියන් අතර ඉතා ප‍්‍රකට ගැහැනු නමක් වන මත්රූෂ්කා ඇසුරින් යැයි කියවේ .
ලතින් වචනයක් වන ‘Mater’ (එහි තේරුම අම්මා යන්නයි) යන වචනයෙන් බිඳී මත්රූෂ්කා යන නම සෑදී තිබෙන බවට ද මතයක් ද ඇත .
රුසියානු ගම්බද ගොවි පවුල්වල අම්මා නිරෝගී තරබාරු කාන්තාවක් වූ අතර මත්රූෂ්කා ලී බෝනික්කා ගේ ප‍්‍රධානම බෝනික්කා ද තරබාරු හැඩයට සකසා තිබේ .

September 19, 2013

"වර්ණ" අපි දකින්නේ කොහොමද ?


"වර්ණ" අපි ජීවත්වන ලෝකය වර්ණ ව්ලින් පිරී ඇත . නමුත් මේ ලෝකය තුල නොපවතින දෙයකි . මේ වර්ණ අපට පේන්නෙ ආලෝකය නිසා වේ . වර්ණ යනු මොළය තුල ඇතිවන මායාවකි . මේ ඒ වර්ණ අපි දකින ආකරය .
ආලොකය යනු විද්‍යයුත් චුම්බක තරංග විශේෂයකි . උදා - අල්ට්‍රා වයලට් . එක්ස්-රේ  වැනි තරංග  විශේෂයකි

 තරංග විශේෂ කිහිපයක්

වෙනස්වෙන්නෙ තරංග ආයාමයේ වෙනසත් සමග වේ . අප දකින වස්තූන් තුළ ඒවායේ ඉලෙක්ට්‍රෝන - හැසිරීම - චලනයන් හේතුවෙන් ඒ මතට වැටෙන ආලෝකය ප්‍රධාන කොටස් තුනකට බෙදේ .

  • පරාවර්ථණය 
  • අවශෝෂනය 
  • විසිරීම්
අප දකින  වස්තූන් තුළ මේ තුන අඩු වැඩි වශයෙන් අනිවාර්යෙම්ම සිදුවේ . යම් වස්තුවක වර්ණය  යනු යම් වස්තුවක් මතට වැටෙන  (සුදු) ආලෝකයේ පරාවර්ථනය වෙන කොටස වේ .

September 17, 2013

නාවික සංඥ කොඩි 26 - Navy Flag Alphabet

අප බාවිතා කරන මාර්ග සංඥ වගේම මුහුදු ගමනටත් විශෙෂ සංඥ ඇත .ඒ ජාත්‍යයන්තරව පිලිගත්  කොඩි සංඥ (Navy Flag) විදිහට . මේවගෙ ප්‍රධාණම කොඩි 26 ක් ගෙන එය නම්කර ඇත්තේ  නාවික කොඩි හෝඩිය කියල ඒ කොඩිවලින් දෙන අදහස් හා ඒ කොඩි 26 මොනාද බලමු .

මේ නැවක කොඩි අකුරු පිළිවෙලට - අරන්තියන තැනක් අවශ්‍යය වූවිට අවශ්‍යය කොඩිය ගෙන නැවේ කුබගහේ රදවයි.

A-Alfa
ඇල්ෆා - මෙම මොහොතේ මෙම නව්කාවේ කපිතාන් බැහැරව ඇති නමුත් අඩු වේගයක් පවත්වාගෙන ඉදිරියට යමි .

September 16, 2013

ප්ලාස්ටික් සැත්කම් - Plastic Surgery

කැපුම් තුවාල ලැබ  ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තරුණයකුගේ මුහුණෙහි පෙනුම යථා තත්ත්වයට පත්කර ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරු පිරිසක් පිළිබඳව  පුවතක් මා හට අසන්න ලැබුනේ මීට මාස තුනකට පමණ පෙර ජාතික පුවත්පතකිනි . පුරා පැය දොළහක ශල්‍යකර්මයකින් පසු ඔහුව යථාතත්වයට පත්කර ඇත්තේ ජාතික රෝහලේ වෛද්‍ය ගයාන් ඒකනායක - වෛද්‍ය අමිල සිරිවර්ධන හා වෛද්‍ය දුලිප් පෙරේරා යන වෛද්‍යවරුන් තිදිනාබව සදහන්ව තිබිනි . ඔවුන් විසින් සදහන් කල අන්දමට ලංකාව තුල  විකෘති වූ, අනතුරට ලක්වූ ශරීරයෙන් වෙන්වූ කොටස් බද්ධ කර යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම කොළඹ ජාතික රෝහලේ ආරම්භ කර ඇත්තේ මීට වසර 45 කට පමන පෙරදීය . එම ප්ලාස්ටික් ශල්‍ය ඒකකය මගින් වසරකට ශල්‍යකර්ම 2500 -300  අතර ප‍්‍රමාණයක් කරන අතර සුළු වශයෙන් ප‍්‍රතිකාර ගන්නා පිරිස වසරකට 10000 කට වැඩි බව සදහන් වුනා .

මේ එවැනි  හකුහණු වෙනස්කල රූපයක් Plastic Surgery Before And After

අන් සෑම දේම වාගේ ප්ලාස්ටික් සැත්කමත් අද-ඊයේ ලොවට බිහිවු දෙයක් නොවන වගත් ප්ලාස්ටික් සැත්කම් බුද්ධ වර්ෂ 700 තරම් දිගු ඉතිහාසයකට දිවෙන්න්ක් බවත් සදහන් වේ . අතීතයේ අපේ අසල් වැසි රටේ ඉන්දියාවේ  බුද්ධ වර්ෂ 8 වන සියවසේ  මුල් කාලයේ විසූ මහාරිශි සුශ්‍රැත් නම් වෛද්‍යවරයා හට හම බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම‍ට හැකියාව කිබූ බවට වාර්තා වේ . සුශ්‍රැත් සම්හිතයෙහි ඔහු විසින් සිදු කරන ලද නාසයෙහි සහ කනෙහි සැත්කම් පිළිබදව විග්‍රහ කෙරේ 18 වන ශත වර්ෂයේ අග භාගය වන තෙක්ම ඉන්දියාවෙහි පැවති ප්ලාස්ටික් සැත්කම් පිළිබදව වූ දැනුම ගැන Gentleman’s Magazine නම් කෘතියෙහි සදහන්ව ඇත .

September 15, 2013

ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව - Gustav Gun

කාල තුවක්කු යනු යුද අවස්ථාවන්හි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අවියකි මෙය යුධ ප්‍රහාර සදහා ක්‍රමවත්ව යොදා ගන්නේ පළමු වැනි ලෝක යුද්ධ සමයේ සිට බව සදනන් වේ . කාල තුවක්කු වල අතීතය ඈතට දිව යන්නකි . දෙවන ලෝක යුධ සමයේ නිපදවා ඇති  ගුස්ටාව් ගන් (Gustav Gun) නැමති කාලතුවක්කුව එතෙක් මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව වේ . මේ ඒ ගැන සොයා බැලීමකි .

මෙය Railway Gun එකකි . තුවක්කුව විශාල නිසා ප්‍රවාහනය පහසු කරනු පිණිස තුවක්කුව වෙනුවෙන්ම සැකසූ දුම්රිය එන්ජිමක් සහිත යන්ත්‍රයක ස්ථාපිත කර ඇත . තැනින් තැනට ‍රැගෙන යාමට රේල් පාර ඉදිකිරීමටද සිදුව ඇත .

(Gustav Gun) හි චායාරූපයක්

මෙය ක්‍රියා කරවීම සදහා එකවර 500 ක හමුදා පිරිසක් අවශ්‍යය වී ඇතැයි කියවේ . තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරාල් නිලයේ නිලධාරියෙක් වී ඇත .
තුවක්කුවේ මුලු බර යාන්ත්‍රික කොටස් සමග ටොන් 1350 හා දිගින් අඩි 155 අගල් 2 (මීටර් 47.3) සදහන්

September 13, 2013

විශිෂ්ඨතමයෙකුගේ ජිවිතෙන් බිදක් - Abraham Lincoln

තෝමස්‌ ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක්‌ විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක්‌ සෙව්වේය. රටක නිදහස්‌ මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි . 1861 මාර්තු මස 04 වන දින එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති ලෙස පත්විය .


නම - ඒබ්‍රහම් ලින්කන්
උපත - 1809 පෙබරවාරි 12  හාර්ඩින් නුවර, කෙන්ටනි හි දී
තනතුර - ඇමරිකානු එක්සත් රාජධානියේ 16 වන ජනාධිපති  -  1861.03.04 සිට 1865.04.15 තෙක්
ජාතිය - ඇමරිකානු
දේශපාලන පක්ෂය - විග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සංධානය (1864-1865)
බිරිද - මේරි තෝඩ් ලින්කන්
දරුවන් - රොබට් තෝඩ් ලින්කන්, ඒඩ්වඩ් ලින්කන්, විලී ලින්කන්, ටාඩ් ලින්කන්
රැකියාව - නීතිඥ වෘත්තිය
ආගම - ක්‍රිස්තියානි පල්ලි වලට සහභාගී වුවද කිසිදින කිසිම පල්යකට බැඳුනේ නැත යන්න සදහන් වේ.
අත්සන 

වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක්‌ එක්‌ කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය. ලෝක ඉතිහාසය පුරාම මිනිස්‌ අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක්‌ ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ.

September 12, 2013

ලංකාවේ කෝච්චි වලගම්පිටි ගිය හැටි - අතීතය සොයා බැලීමක්

මේ කියන්න යන්නෙ හැමදාම හැමෝම කියන සාම්ප්‍රදායික කතවනම් නෙමේ . ඊට එහා ගිය ජාතික අපරාධයක් ගැනයි . ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව පැවති 1850 දශකය අග බාගයේ ඔවුන්ගේ නිශ්පාදනයන් ප්‍රවාහණය ගැටලුවක් විය . එයට පිලියමක් වශයෙන් ශ්‍රී ලංකාව තුල දුම්රිය මාර්ග ඉදිකර දුම්රියන් දාවනය කිරීම සදහා පලමු පියවර ගන්නා ලද්දේ 1858 අගෝස්තු මස 03 වන දින බව සදහන් වේ . ඒ රේල් පාර ඉදිකිරීමක් සදහා ප්‍රතම පස් පිඩැල්ල කපමින් හෙන්ඩ්‍රි වෝඩ් අණ්ඩුකාරවරයාය . එය කොළබ සිට  අඹේපුස්ස දක්වා නැගෙනහිරට සැතපුම් 54 ක් දුරට ඉදිකිරීමෙන් පසු පලමු දුම්රිය 1864 දෙසැම්බර් 27 වන දින දාවනය කර ඇත . මේ මාර්ගය ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත වූයේ 1865 ඔක්තෝබර් 02 වැනිදා බව කියැවේ . ශ්‍රී ලංකාවට පලමු දුම්රිය එන්ජිම ලෙස 1864 දීම ආනයනය කර ඇත්තේ රෝලිං ස්ටොක් ඇන්ජිමක්ය  .

ලංකාවේ මංගල දුම්රිය ගමනට යොදාගත් රෝලිං ස්ටොක් එන්ජිමක්

මෙම එන්ජිම ගල් අගුරු ටොන් 5 කින් 4-4-0 ගණයේ රෝද දෙකකින් හා වතුර ගැලුම් 15200 ක ධාරිතාවක් සහිත ටෙන්ඩර් ට්‍රක් එකකින් යුක්තවී ඇත . බෆරය ඔස්සේ එහි දිග අඩි 49 ක් වූ අතර බර ටොන් 59 ක් විය. මෙම ඇන්ජිම් 1926 වන තෙක් පාවිච්චි කරන ලදි .

පසුව දුම්රිය සේවා ප්‍රවාහන මාර්ග වැඩිදියුනු කරගත් අතර 1927 වන විට කිලෝ මීටර් 1530 කින් යුත් මුලු ධාවන මාර්ගයකට හිමිකම් කියා ඇත .

September 11, 2013

නිතර ඇහෙන . එක්සත් ජාතීන්ගේ සංවිධානය - UN . ගැනයි මේ

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉඩමක් ගන්නවත් මුදල් නොතිබිණි . රොක්පෙලර් ඉඩමටත් ගොඩනැගිල්ලටත් සල්ලි දුන්නා . (Trygve Lie 1945 - පලමු එක්සත් ජාතීන්ගේ මහලේකම්) එක්සත් ජාතීන්ගේ මණ්ඩල ඉතිහාසයේ පළමු වැනි වතාවට අල්ලස් චෝදනා කොරියාවේ .  එදා එම ප්‍රශ්නය නිසා ළී ට තාවකාලිකව පදවියෙන් නික්ම යන්න්න සිදුවිය .


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය

ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී . අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම , යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහක් ඇතුලත් කිරීම අරමුණකොටගෙනය .
අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය .
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන් ගේ සංගමය යි .ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන් ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේ ය . මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්බය ලෙස සදහන්වේ .

September 9, 2013

මරණ දඩුවම හා බන්ධනාගාර ගැන කෙටියෙන්



මරණ දඩුවම හා බන්ධනාගාර ක්‍රමය ඉතා ඈත අතීතටය දිව යන්නකි . එය අනාදිමත් කාලයක සිට විවිධ ආකාරයෙන් පවත්වාගෙන එන්නකි අද කියන්න හදන්නෙ ඒ මරණ දඩුවම හා බන්ධනාගාර ක්‍රමය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි . සමහර විට දන්නව වෙන්නත් පුලුවනි දන්න නොදන්න සැමටම.

බන්ධනාගාර

1790 දී පෙන්සිල්වේනියාවේ  බන්ධනාගාරය ආරම්භවී ඇත . බන්ධනාගාර  ක්‍රම සංකල්පය ලොවට මුලින්ම හදුන්වා දී ඇත්තේ මෙයිනි .
එම බන්ධනාගාර ක‍්‍රමය තිබූ ආකාරය අනුව රැඳවුම්කරුවන් අවට සමාජයේ ඔවුනොවුන්ගෙන් වෙන් කොට තැබීම ප‍්‍රධාන පරමාර්ථය විය .
බන්ධනාගාර ක‍්‍රමය පහත සඳහන් මූල ධර්මඔස්සේ සකස් විය .

September 8, 2013

ඛණිජ තෙල් ලොවට සොයාදුන් - එඩ්වින් එල්. ඩ්‍රාකේ

කැනඩාවේ පිහිටි පෙනිසිල්වේනියාවේ ග්‍රාමයක ලුණු හෑරීම සඳහා වාෂ්ප එන්ජිමකින් ක්‍රියාකරන උපකරණයක් තැනූ එඩ්වින් එල්. ඩ්‍රාකේ නැමැති අයෙකු 1859 වර්ෂයේ දිනක එම උපකරණය යොදා ගනිමින් පොළෝ මට්ටමින් අඩි 69.5 ගැඹුරු ස්ථානයක් හාරමින් සිටියේය . ඔහුට කළුපැහැති අපූරු බොර දියරයක් හමුවූයේය . මෙය ලෝකය උඩු යටිකුරු කරනු ඇතැයි එම දියරය සොයාගත් ඩ්‍රාකේ  කිසිදා නොසිතන්නට ඇත . බොරතෙල් පොළොව මතුපිටට පැමිණියේ ඒ ආකාරයෙනි .

 එඩ්වින් එල්. ඩ්‍රාකේ

එඩ්වින් ලොරන්ටින් ඩ්‍රාකේ 1819 මාර්තු 11 වැනිදා නිව්යෝක් හි  ග්‍රීන්විලේ ගම්මානයේ උපත ලැබීය .
ලොව ප්‍රථම වරට වාණිජ්‍යමය වශයෙන් ඛණිජ තෙල් ලබාගන්නා තෙල් ලිඳක් සොයාගත් එඩ්වින් ඩ්‍රාකේ ලෝක ඛණිජ තෙල් ඉතිහාසයේ නොමැකෙන නාමයකි . 
මුළු ලෝකයම උඩු යටිකුරු කරමින් මිනිසා ක්ෂණිකව දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යාමට ඔහුගේ මෙම සොයාගැනීම සමත්විය . අද ලෝකය පාලනය වන්නේ ඔහු විසින් සොයාගත් මේ සම්පතෙනි. තෙල් ලිං තුනක් පවත්වාගෙන ගිය ඩ්‍රාකේ ලෝක තෙල් කර්මාන්තයේ පියා ලෙස හඳුන්වන්වයි .

September 7, 2013

ශ්‍රී ලංකාව තුල කාන්තාව හා මත්ද්‍රව්‍ය ගැටලුව .

                                                 

ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ගැටලුව අද ඊයේ ඇතිවූ දෙයක් නොවේ . ඉතිහාසය පෙරළා බලන කල ක්‍රි;ව 1505 දී ලංකාව පෘතුගීසීන් විසින්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන් විසින්ද ආක්‍රමණය කරන ලදී .

මුලදී අබිං කෑම හදුන්වා දෙන ලද්දේ පෘතුගීසීන් විසිනි . ඒ පෘතුගීසි සෙබළුන් අබිං කෑමට ඇබ්බැහි වී සිටිනිසාය .

1829 දී එකල සිටි ඉංග්‍රීසි අන්ඩුකාර තුමා අබිං වගාව සදහා ගොවීන් දිරිමත් කරල ලද බවට සදහන් වේ . එයට හේතු වුයේ වතුකරයේ ද්‍රවිඩ ජනතවට අවශ්‍ය කරන අබිං  රටින් ගෙන්වන අතරම ලංකාවතුල වගා කිරීමට උනන්දු කරවීමයි .
එසේම මේ වනවිට අබිං වෙළදාම ක්‍රමවත් කිරීම සදහා ලයිසන් ක්‍රමයක් හදුන්වා දී ඇති අතර ඒ මගින් පැවති එම රජය විශාල බදු මුල්දලක් උපයාද ඇත .
කාලයෙ ඇවැමෙන් ලංකාව තුල අබිං සමාජ ප්‍රශ්නයක් ලෙස උග්‍රවු විට මේ සම්බන්ධව  1867 අංක 19 දරන අබිං හා කන්සා ආඥා පනත පනවන ලදී .

September 4, 2013

කොළබ කො‍ටුව කෝ ??? කොළබ කො‍ටුව හා ලංකාවේ සියළුම බලකො‍ටු


යුරෝපා රටවල් තුනක් විසින් ලංකාව අවුරුදු 500 කටත් අදික කාලයක් යටත් කරගෙන සිටියේ අප රටේ කුරුදු නිසා යැයි ඇතමෙක් කියති.
මක් නිසාද අපේ කුරුදුවලට සමාන කුරුන්දක් එදා ලොව කිසිම රටක නොවීය.
කුරුදු වලට වහ වැ‍ටුනු යුරෝපා රටවල් 3ක් එකෙක් පරයමින් අනිකා නැගී සිටිමින්
අප රටේ කුරුදු , මුතු , මැණික් ආදී පිටරට පැටවූහ. අවසානයේ ඔවුහු රටේ රාජ්‍යය පාලනයටද අත තැබූහ.

ඒ යටත් විජිත සමයේ නෂ්ටාවශේෂ අදටද රට පුරා දැකිය හැකිය . ඒ නෂ්ටාවශේෂ  අතර ප්‍රධාන තැනක් බලකො‍ටු වලට හිමිවේ.