තෝමස් ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක් විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක් සෙව්වේය. රටක නිදහස් මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස් මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි . 1861 මාර්තු මස 04 වන දින එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති ලෙස පත්විය .
නම - ඒබ්‍රහම් ලින්කන්
උපත - 1809 පෙබරවාරි 12 හාර්ඩින් නුවර, කෙන්ටනි හි දී
තනතුර - ඇමරිකානු එක්සත් රාජධානියේ 16 වන ජනාධිපති - 1861.03.04 සිට 1865.04.15 තෙක්
ජාතිය - ඇමරිකානු
දේශපාලන පක්ෂය - විග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සංධානය (1864-1865)
බිරිද - මේරි තෝඩ් ලින්කන්
දරුවන් - රොබට් තෝඩ් ලින්කන්, ඒඩ්වඩ් ලින්කන්, විලී ලින්කන්, ටාඩ් ලින්කන්
රැකියාව - නීතිඥ වෘත්තිය
ආගම - ක්‍රිස්තියානි පල්ලි වලට සහභාගී වුවද කිසිදින කිසිම පල්යකට බැඳුනේ නැත යන්න සදහන් වේ.
අත්සන
වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක් එක් කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය. ලෝක ඉතිහාසය පුරාම මිනිස් අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක් ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ.