November 10, 2013

රුසියානු අවුරෝරා නෞකාව | Russian Battleship Aurora


නම - Aurora 
අයිතිය - රුසියානු නාවික හමුදාව 
නිෂ්පාදන  සමාගම - Admiralty Shipyard, St. Petersburg
ප්‍රථම දියත් කිරීම - 11 03 1900
සේවා කාලය අවුරුදු - 1903 - 1957
මුලු බර - 6731 (ටොන්)
දිග - 126.8 ම් (416 අඩි)
පළල - 16.8 ම් (55අඩි)
උස (නැව් ඉපිලෙන උස මුහුදු වතුරත් බදත් අතර) - 7.3 මිටර් (24 අඩි)
උපරිම වෙගය - 19 පැයට මුහුදු සැතපුම්

අවිආයුධ  
8 x 152 mm (6-inch) guns
24 x 75 mm guns
8 x 37 mm guns
3 x torpedo tubes (two underwater)
1917:
14 x 152 mm guns
4 x 76 mm AA guns
Machine guns
3 x torpedo tubes (two underwater)

1917 වර්ෂයේ අවසාන භාගයේ රුසියාවේ පැවති ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබූවිට කර්මාන්තශාලා හිමියන් සිය කර්මාන්තශාලා වසා දැමීම නිසා දස දහස් ගනන් ශ්‍රමිකයින් අසරණතාවයට පත්වී ඇත . නිර්ධන පංතියට බලය ලබා ගැනීම සදහා වූ අවසන් විප්ලවයේ අසහාය නායක වී.අයි ලෙනින් දු‍ටුවේය  .

අර්බුදය උච්චම අවස්ථාවක පැවතී ඇති මෙම සමයේ අරගලය කිසිසේත්ම කල් දැමිය යුතු නැතැයි ලෙනින් ප්‍රකාශකර ඇත්තේ මේ විප්ලවයට සුදුසු අවස්ථාව නොවේ යන්න ප්‍රකාශකරමින් සිටි සුළුතර (මෙන්ෂෙවික්) මතවාදයට පහරක් දෙමින්ය  .

ඔක්‍තෝම්බර් 25  (වත්මන් දින දර්ශනය අනුව නොවැම්බර් 7 ) දිනට නියමිත පක්ෂ සමලුවට පෙර සන්නද්ධ අරගලය ඇරබිය යුතු බවට ඔවුහූ අවධාරනය කලේය . ඒ අනුව 24 වෙනි දින වැඩ කරන ජනතාවගේ නැගීසිටීම ආරම්භ විය එදින රාත්‍රියේ ලෙනින් තම ජීවිත අවදානමද නොතකා නොතකා පෙට්‍රොග්‍රැඩ් හී පිහිටි විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූස්මොල්නියට පැමිණ ඇත .
ඔක්‍තෝම්බර් 25 සවස රාජ්‍ය පාලනයේ මරමස්ථාන බොහෝමයක්ම වැඩකරන ජනතාව විසින් අත්පත් කරගෙන ඇත . එදිනම මද්‍යම රාත්‍රිය වන විට ඉතිරිව තිබී ඇත්තේ අගමැති කෙරන්ස්කි ප්‍රමුකව අමාත්‍යමණ්ඩලය ‍රැස්ව සිටි Winter Palace (හේමන්ත) මාලිගයට පහරදීම පමනි .

හේමන්ත මාලිගය රුසියාවේ මහා පීටර් රජුගේ දියනයක් වන එලිසබෙත් සැරිනා විසින් ඉදිකරවන ලද්දකි .
මෙය ක්‍රි.ව 1754-1762 ඉදිකර ඇත . මෙය කාමර 1000 කට අධික මාලිගයකි ජනෙල් 1945 කින් සමන්විත වූවායැයි කියවේ . දොරවල් 1784 ක් තිබූ බව සදහන් .
සිය නිල සෙදුමේ රතු පටි පැලදගත් රතු හමුදාව ද නිල් වර්ණ ඇදගත් නාවිකයින්ද මෙම මාලිගයට කඩාවදින මොහොත එළබෙනතුරු නොයිවසිල්ලෙන් බලා උන්හ  . දහස් ගනනින් ගොවි කම්කරු ජනයාද එම මොහොත උදාවනතුරු බලා උන්හ .

ලෝක ඉතිහාසය තුල මෙතෙක් ආ ගමන්මග කණපිට පෙරලූ එම ප්‍රහාරයට අණ නිකුත් කිරීමේ වගකීම හිමිව තිබුනේ ත්‍රිවා නදියේ නැන්ගුරම් ලා තිබූ අවුරෝරා නව්කාවටය . මෙය රුසියාවට අයත් නාවික යුධ නැවකි . මද්‍යම රාත්‍රිය පසුවී සුළු මොහොතකින් මුලු අහස්තලයම දෙගුම් දෙමින් අවුරෝරා වේ කාලතුවක්කු හඩ නිකුත් විය . ඒ සමගම කදවුරු ලා උන් මහා පිරිස් හේමන්ත මාලියයට ඇතුලුවිය .
ඇමති මංඩලය රතු හමුදාවට යටත් විය . රාජ්‍යපාලන ආයතන සියල්ල විප්ලවවාදීන් අතට පත්වී සමාජ වාදය ලොව ප්‍රථම වරට සැබෑවක්ම විය .

1948 වනවිට අවුරෝරා සුපුරුදු නාවික කටයුතු වලින් නිදහස් කර ඇත . එම නව්කාවේ ඇති එයිතිහාසික අගය තේරුම් ගත් රුසියාව පසුව එය කව්තුක වස්තුව ලෙස නම් කර ඇත .

පහත වීඩියෝව වර්ථමානයේ මෙම නව්කාව  .


මූලාශ්‍රය
ඔක්‍තෝම්බර් විප්ලවයේ ප්‍රථම වෙඩි මුරය දැල්වූ අවුරෝරා නව්කාව 
බන්ඩාරගම පුල්ලපෙරුම

ප.ලි
මෙය දෙවන ලෝක යුධ සමයේ රටේ ආරක්ෂාව සදහා රුසියානු මුහුදු තීරයේ ස්ථාන ගතකොට තිබූබව කියැවේ .



25 comments:

  1. පහුගිය ටිකේ කොහෙද හිටියේ ,, මාත් ආසයි මේ වගේ විස්තර වලට එලස්

    ReplyDelete
    Replies
    1. පුංචි වැඩක් පටන් ගත්තා . කියන්නම් ටික දවසකින් පෝස්ට් එකකින්ම :)
      ස්ටෙප් බයි ස්ටෙප් ඕන් .
      තෑංක්ස්ස් ස් අනේ . මතක තිබුනට
      මම මේ කල්පොනා කරන්නෙ මග ඇරුනු ඔයාලගෙ පෝස්ට් කොහෙන් පටන් ගන්නද කියල සෑහෙන්ට ඉස්සරහට ගිහින් නොවෑ

      Delete
    2. කියවන්න ඉඩ ලැබුනම ,.. පටන්ගත්ත වැඩේ කරගෙන යන්න හොදින් ,

      Delete
    3. මම ඉඩ තියන හැම වෙලේම කියවනව . ස්තුතියි

      Delete
  2. සැබෑ සමාජවාදයක් තිබබා කියන එක ලෝකෙට මතක් වෙන්නවත් මේ වගේ දෙයක් තියන එක වටිනවා

    ReplyDelete
  3. කොහෙද බන් ගිහින් හිටියේ, මේ උඹ කේ.බී.ජී. කාරයෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ගියටිකේම වැඩ යාළු .
      පොඩි වැඩවගයක් පටන් ගත්ත. ස්තුතියි මතක තිබ්බට ඔයාල හැමෝටම .
      ඒක නෙමේ කේ.බී.ජී කියන්නෙ මොකක්ද ?

      Delete
    2. උඹ බොරුවටද අහන්නේ, කේ.බී.ජී.කියන්නේ රුසියානු රහස් ඔත්තු සේවය , ඇමරිකාවේ සී.අයි.ඒ. වගේ

      Delete
    3. සමා වෙන්න අකුරු මාරුකරල කිව්ව නිසා මම හිතුවෙ වෙන දෙයක් කියල
      ඒක වෙන්න ඔනෙ මෙහෙම (කේ.ජී.බී)

      http://en.wikipedia.org/wiki/KGB

      Delete
    4. යකෝ කිව්වමයි දැක්කේ අකුරු මාරුවෙලා තමයි, මදැයි කොලා.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා .

      Delete
    5. ඒ අකුරු පැටලෙනව තමා . ඒක මොකක්ද .
      මම නම් (කේ.ජී.බී) කාරයෙක් නෙමේ ඕන්

      Delete
  4. මෙවැනි දේවල් පිලිබද මා කලින් කිසිම තැනක කැමැත්තකින් කියවා නැත. ඒත් මේක නම් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ඒක මට කියන්න බැරි තරන් වටිනව සෑමො .
      අඩු පාඩු ඇති ඇති ඇතිවෙන්න තාම නවක නිසා ඒත් ඔයාල වගේ ජේශ්ටයො මේ වගේ පෝස්‍ටුවක් කියෙව්ව කියන්නෙ ඒ තමා ලොකුම තෑග්ග .
      ජයෙන් ජය !!

      Delete
    2. මමත් අද ම ද කොහෙද මේ වගේ මාතෘකාවක් ගැන කියෙව්වේ.

      Delete
    3. ස්තුතියි දිලිනි

      Delete
  5. වීරත්වයක් පේන්නැද්ද මේ කරුණු වල... ඇමරිකාව දියුණු උනේ මේ වීරත්වය ගැන තිබුනු බයටමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු .
      රුසියවයි ඇමරිකාවයි නයි මොගටි වගේනෙ ඉදල තියෙන්නෙ . ඔයා හරි එකට එක කරල හරි අන්තිමේ ඇමරිකාව දිනල තියෙන්නෙ රුසියාව සදහටම කඩලම දාලා . උපක්‍රමිකව .

      Delete
  6. අව් රෝරා.......ඔබ ජයග්‍රහනයේ සංකේතයයි!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හැබෑවටම වටින කියන පුරා වස්තුවක් නොවෑ.

      Delete
  7. මේවගේ දේවල් කියවන්න මම කෝමත් ආසයි.. තොරතුරු එකතු කලාට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු .
      මමත් ආසයි ඒක නිසාමයි ලියන්නෙත්
      ජයෙන් ජය !!

      Delete
  8. මන් ඒත් බැලුවා හිටපු ගමන් කොහේ ගියාද කියලා?ආසාවෙන් එක හුස්මට කියෝන ගියා. වෙලාව ලැබුනම ලියන්න හැම කටයුත්තකටම සුබ පැතුම්!

    ReplyDelete
  9. Your work is just excellent. I really love your work and thanks for sharing.


    OFFICE2010|Setup

    ReplyDelete
  10. https://aluthgadget.com/the-virtuoso-2021-new-movies/

    ReplyDelete