මේ එවැනි හකුහණු වෙනස්කල රූපයක් Plastic Surgery Before And After
Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts
September 16, 2013
ප්ලාස්ටික් සැත්කම් - Plastic Surgery
කැපුම් තුවාල ලැබ ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තරුණයකුගේ මුහුණෙහි පෙනුම යථා තත්ත්වයට පත්කර ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරු පිරිසක් පිළිබඳව පුවතක් මා හට අසන්න ලැබුනේ මීට මාස තුනකට පමණ පෙර ජාතික පුවත්පතකිනි . පුරා පැය දොළහක ශල්‍යකර්මයකින් පසු ඔහුව යථාතත්වයට පත්කර ඇත්තේ ජාතික රෝහලේ වෛද්‍ය ගයාන් ඒකනායක - වෛද්‍ය අමිල සිරිවර්ධන හා වෛද්‍ය දුලිප් පෙරේරා යන වෛද්‍යවරුන් තිදිනාබව සදහන්ව තිබිනි . ඔවුන් විසින් සදහන් කල අන්දමට ලංකාව තුල විකෘති වූ, අනතුරට ලක්වූ ශරීරයෙන් වෙන්වූ කොටස් බද්ධ කර යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම කොළඹ ජාතික රෝහලේ ආරම්භ කර ඇත්තේ මීට වසර 45 කට පමන පෙරදීය . එම ප්ලාස්ටික් ශල්‍ය ඒකකය මගින් වසරකට ශල්‍යකර්ම 2500 -300 අතර ප‍්‍රමාණයක් කරන අතර සුළු වශයෙන් ප‍්‍රතිකාර ගන්නා පිරිස වසරකට 10000 කට වැඩි බව සදහන් වුනා .
අන් සෑම දේම වාගේ ප්ලාස්ටික් සැත්කමත් අද-ඊයේ ලොවට බිහිවු දෙයක් නොවන වගත් ප්ලාස්ටික් සැත්කම් බුද්ධ වර්ෂ 700 තරම් දිගු ඉතිහාසයකට දිවෙන්න්ක් බවත් සදහන් වේ . අතීතයේ අපේ අසල් වැසි රටේ ඉන්දියාවේ බුද්ධ වර්ෂ 8 වන සියවසේ මුල් කාලයේ විසූ මහාරිශි සුශ්‍රැත් නම් වෛද්‍යවරයා හට හම බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට හැකියාව කිබූ බවට වාර්තා වේ . සුශ්‍රැත් සම්හිතයෙහි ඔහු විසින් සිදු කරන ලද නාසයෙහි සහ කනෙහි සැත්කම් පිළිබදව විග්‍රහ කෙරේ 18 වන ශත වර්ෂයේ අග භාගය වන තෙක්ම ඉන්දියාවෙහි පැවති ප්ලාස්ටික් සැත්කම් පිළිබදව වූ දැනුම ගැන Gentleman’s Magazine නම් කෘතියෙහි සදහන්ව ඇත .
September 11, 2013
නිතර ඇහෙන . එක්සත් ජාතීන්ගේ සංවිධානය - UN . ගැනයි මේ
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉඩමක් ගන්නවත් මුදල් නොතිබිණි . රොක්පෙලර් ඉඩමටත් ගොඩනැගිල්ලටත් සල්ලි දුන්නා . (Trygve Lie 1945 - පලමු එක්සත් ජාතීන්ගේ මහලේකම්) එක්සත් ජාතීන්ගේ මණ්ඩල ඉතිහාසයේ පළමු වැනි වතාවට අල්ලස් චෝදනා කොරියාවේ . එදා එම ප්‍රශ්නය නිසා ළී ට තාවකාලිකව පදවියෙන් නික්ම යන්න්න සිදුවිය .
ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී . අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම , යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහක් ඇතුලත් කිරීම අරමුණකොටගෙනය .
අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය .
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන් ගේ සංගමය යි .ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන් ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් කළේ ය . මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්බය ලෙස සදහන්වේ .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය

Subscribe to:
Posts (Atom)