November 10, 2013

රුසියානු අවුරෝරා නෞකාව | Russian Battleship Aurora


නම - Aurora 
අයිතිය - රුසියානු නාවික හමුදාව 
නිෂ්පාදන  සමාගම - Admiralty Shipyard, St. Petersburg
ප්‍රථම දියත් කිරීම - 11 03 1900
සේවා කාලය අවුරුදු - 1903 - 1957
මුලු බර - 6731 (ටොන්)
දිග - 126.8 ම් (416 අඩි)
පළල - 16.8 ම් (55අඩි)
උස (නැව් ඉපිලෙන උස මුහුදු වතුරත් බදත් අතර) - 7.3 මිටර් (24 අඩි)
උපරිම වෙගය - 19 පැයට මුහුදු සැතපුම්

අවිආයුධ  
8 x 152 mm (6-inch) guns
24 x 75 mm guns
8 x 37 mm guns
3 x torpedo tubes (two underwater)
1917:
14 x 152 mm guns
4 x 76 mm AA guns
Machine guns
3 x torpedo tubes (two underwater)

1917 වර්ෂයේ අවසාන භාගයේ රුසියාවේ පැවති ආර්ථික අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබූවිට කර්මාන්තශාලා හිමියන් සිය කර්මාන්තශාලා වසා දැමීම නිසා දස දහස් ගනන් ශ්‍රමිකයින් අසරණතාවයට පත්වී ඇත . නිර්ධන පංතියට බලය ලබා ගැනීම සදහා වූ අවසන් විප්ලවයේ අසහාය නායක වී.අයි ලෙනින් දු‍ටුවේය  .

September 28, 2013

මරණයෙන් පසු ? මනෝකාය - Astral Body


මෙතෙක් විද්‍යාඥයන් ,  මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව පළි පණ ලැබූ අයගේ  “අන්තර් කාල සීමාව“  පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි  ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීය  යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .

නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දු‍ටු අවස්ථා බොහේ අඩු බවකි .

මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන  “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .

මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි . 
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි.....” මම ඉන්නෙ අපායක කියලයි ” 
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .

September 25, 2013

ප‍්‍රාථමික යුගයේ සුනඛයින් | Ancient Dog,s

සුනඛයා , නරියා , හිවලා වෘකයා එකම කුලයට අයත් සතුන් වන අතර  මේ අතරින් දැවැන්ත සත්වයා වන වෘකයාගෙන් සුනඛයා සම්භවය ලබන්නට ඇතැයි බොහෝ දුරට අනුමාණ කරති .
ගල් යුගයේ මිනිසා ගෘහස්ථ සුරතලුන් ලෙස වෘක පැටවුන් ඇති කර ඇත  මෙම වෘකයින්ගෙන් මිශ‍්‍ර වී සුනඛයා බිහිවන්නට ඇත යන්න විශ්වාස කෙරේ .
සුනඛයාගේ හැසිරීම්, ගති ලක්ෂණ, ශරීර ලක්ෂණ වලින් වෘකයාට බොහෝ දුරට සමානකම් දක්වයි ප‍්‍රාථමික යුගයේ සුනඛ වර්ග අදටත් දැක ගත හැකි වේ .  මේ එසේ අවුරුදු දාස් ගානක්  නොවෙනස්ව  පැවතී ආ සුනඛ විශේෂ තුනකි .

Dingo ඩින්ගෝ

ගල් යුගයේදී ඕස්ටේ‍්‍රලියානු ඇබොරිජන් වරුන් අතර හැදී වැඩුණු කැලෑ සුනඛයා හෙවත් ඩින්ගෝ ගෘහස්ථව ඇති කළ අතර ‘ඩින්ගෝ’ අද ද බැටළු රංචු රැක බලා ගැනීමටත්, කී‍්‍රඩා සඳහාත් භාවිතා කරයි .

Basenji  බාසෙන්ජි

අප‍්‍රිකානු දඩබල්ලෙකු වන බාසෙන්ජිද ප‍්‍රාථමික යුගයේ සුනඛ වර්ගයකි .  කැලෑ සුනඛයාට නෑකම් දක්වයි. බාසෙන්ජි පසු කාලයේදී බි‍්‍රතාන්‍යයට ද ගෙන යන ලදී .

September 22, 2013

රුසියාවට ආවේණික බෝනික්කන් 'මත්රූෂ්කා' - Matryoshka Doll


රටින් රටට ජාතියෙන් ජාතියට තමන්ටම ආවේණික බොහෝ දේ ඇත . මේ අපි හොදින් දැක ඇති එහෙත් කවදා හෝ සොයාබැලීමට උනන්දු නොවන බෝනික්කන් විශේෂයක් ගැනයි .

මතෘෂ්කි  (Matryoshka)  රුසියාවටම ආවේණික වූ අලංකාර බෝනික්කන් විශේෂයකි . මත්රූෂ්කා බෝනික්කන් ගැන විශාල පොතක් ලියා ඇති ලැරිසා සොලොවියොවා කතුවරිය විසින් මත්රූෂ්කා බෝනික්කා ගේ ඉතිහාසය යුග තුනකට බෙදා ඇත එනම්
1890 - 1930 දක්වා යුගය
1930 - 1990 දක්වා යුගය
1990 සිට අද දක්වා

මත්රූෂ්කා බෝනික්කා පළමු වරට උපන්නේ 1890 වසරේදී රුසියාවේ නව මොස්කව් නුවර ඇබ‍්‍රමත්සෙවෝ ජනපදයේ පිහිටි කර්මාන්ත ශාලාවක යැයි සදහන් වේ .
සාවා මැමොන්නොව් විසින් මෙම පළමු මත්රූෂ්කා සාදන ලදී . මෙය කොටස් 7 කින් යුත් මත්රූෂ්කාවක් විය

රුසියානු ලී බෝනික්කන් විශේෂයක් වන මෙම බෝනික්කන්ට මත්රූෂ්කා යන නම යොදා තිබෙන්නේ පුරාණ රුසියන් ගොවියන් අතර ඉතා ප‍්‍රකට ගැහැනු නමක් වන මත්රූෂ්කා ඇසුරින් යැයි කියවේ .
ලතින් වචනයක් වන ‘Mater’ (එහි තේරුම අම්මා යන්නයි) යන වචනයෙන් බිඳී මත්රූෂ්කා යන නම සෑදී තිබෙන බවට ද මතයක් ද ඇත .
රුසියානු ගම්බද ගොවි පවුල්වල අම්මා නිරෝගී තරබාරු කාන්තාවක් වූ අතර මත්රූෂ්කා ලී බෝනික්කා ගේ ප‍්‍රධානම බෝනික්කා ද තරබාරු හැඩයට සකසා තිබේ .

September 19, 2013

"වර්ණ" අපි දකින්නේ කොහොමද ?


"වර්ණ" අපි ජීවත්වන ලෝකය වර්ණ ව්ලින් පිරී ඇත . නමුත් මේ ලෝකය තුල නොපවතින දෙයකි . මේ වර්ණ අපට පේන්නෙ ආලෝකය නිසා වේ . වර්ණ යනු මොළය තුල ඇතිවන මායාවකි . මේ ඒ වර්ණ අපි දකින ආකරය .
ආලොකය යනු විද්‍යයුත් චුම්බක තරංග විශේෂයකි . උදා - අල්ට්‍රා වයලට් . එක්ස්-රේ  වැනි තරංග  විශේෂයකි

 තරංග විශේෂ කිහිපයක්

වෙනස්වෙන්නෙ තරංග ආයාමයේ වෙනසත් සමග වේ . අප දකින වස්තූන් තුළ ඒවායේ ඉලෙක්ට්‍රෝන - හැසිරීම - චලනයන් හේතුවෙන් ඒ මතට වැටෙන ආලෝකය ප්‍රධාන කොටස් තුනකට බෙදේ .

  • පරාවර්ථණය 
  • අවශෝෂනය 
  • විසිරීම්
අප දකින  වස්තූන් තුළ මේ තුන අඩු වැඩි වශයෙන් අනිවාර්යෙම්ම සිදුවේ . යම් වස්තුවක වර්ණය  යනු යම් වස්තුවක් මතට වැටෙන  (සුදු) ආලෝකයේ පරාවර්ථනය වෙන කොටස වේ .

September 17, 2013

නාවික සංඥ කොඩි 26 - Navy Flag Alphabet

අප බාවිතා කරන මාර්ග සංඥ වගේම මුහුදු ගමනටත් විශෙෂ සංඥ ඇත .ඒ ජාත්‍යයන්තරව පිලිගත්  කොඩි සංඥ (Navy Flag) විදිහට . මේවගෙ ප්‍රධාණම කොඩි 26 ක් ගෙන එය නම්කර ඇත්තේ  නාවික කොඩි හෝඩිය කියල ඒ කොඩිවලින් දෙන අදහස් හා ඒ කොඩි 26 මොනාද බලමු .

මේ නැවක කොඩි අකුරු පිළිවෙලට - අරන්තියන තැනක් අවශ්‍යය වූවිට අවශ්‍යය කොඩිය ගෙන නැවේ කුබගහේ රදවයි.

A-Alfa
ඇල්ෆා - මෙම මොහොතේ මෙම නව්කාවේ කපිතාන් බැහැරව ඇති නමුත් අඩු වේගයක් පවත්වාගෙන ඉදිරියට යමි .

September 16, 2013

ප්ලාස්ටික් සැත්කම් - Plastic Surgery

කැපුම් තුවාල ලැබ  ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තරුණයකුගේ මුහුණෙහි පෙනුම යථා තත්ත්වයට පත්කර ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරු පිරිසක් පිළිබඳව  පුවතක් මා හට අසන්න ලැබුනේ මීට මාස තුනකට පමණ පෙර ජාතික පුවත්පතකිනි . පුරා පැය දොළහක ශල්‍යකර්මයකින් පසු ඔහුව යථාතත්වයට පත්කර ඇත්තේ ජාතික රෝහලේ වෛද්‍ය ගයාන් ඒකනායක - වෛද්‍ය අමිල සිරිවර්ධන හා වෛද්‍ය දුලිප් පෙරේරා යන වෛද්‍යවරුන් තිදිනාබව සදහන්ව තිබිනි . ඔවුන් විසින් සදහන් කල අන්දමට ලංකාව තුල  විකෘති වූ, අනතුරට ලක්වූ ශරීරයෙන් වෙන්වූ කොටස් බද්ධ කර යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම කොළඹ ජාතික රෝහලේ ආරම්භ කර ඇත්තේ මීට වසර 45 කට පමන පෙරදීය . එම ප්ලාස්ටික් ශල්‍ය ඒකකය මගින් වසරකට ශල්‍යකර්ම 2500 -300  අතර ප‍්‍රමාණයක් කරන අතර සුළු වශයෙන් ප‍්‍රතිකාර ගන්නා පිරිස වසරකට 10000 කට වැඩි බව සදහන් වුනා .

මේ එවැනි  හකුහණු වෙනස්කල රූපයක් Plastic Surgery Before And After

අන් සෑම දේම වාගේ ප්ලාස්ටික් සැත්කමත් අද-ඊයේ ලොවට බිහිවු දෙයක් නොවන වගත් ප්ලාස්ටික් සැත්කම් බුද්ධ වර්ෂ 700 තරම් දිගු ඉතිහාසයකට දිවෙන්න්ක් බවත් සදහන් වේ . අතීතයේ අපේ අසල් වැසි රටේ ඉන්දියාවේ  බුද්ධ වර්ෂ 8 වන සියවසේ  මුල් කාලයේ විසූ මහාරිශි සුශ්‍රැත් නම් වෛද්‍යවරයා හට හම බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම‍ට හැකියාව කිබූ බවට වාර්තා වේ . සුශ්‍රැත් සම්හිතයෙහි ඔහු විසින් සිදු කරන ලද නාසයෙහි සහ කනෙහි සැත්කම් පිළිබදව විග්‍රහ කෙරේ 18 වන ශත වර්ෂයේ අග භාගය වන තෙක්ම ඉන්දියාවෙහි පැවති ප්ලාස්ටික් සැත්කම් පිළිබදව වූ දැනුම ගැන Gentleman’s Magazine නම් කෘතියෙහි සදහන්ව ඇත .