මෙය Railway Gun එකකි . තුවක්කුව විශාල නිසා ප්‍රවාහනය පහසු කරනු පිණිස තුවක්කුව වෙනුවෙන්ම සැකසූ දුම්රිය එන්ජිමක් සහිත යන්ත්‍රයක ස්ථාපිත කර ඇත . තැනින් තැනට රැගෙන යාමට රේල් පාර ඉදිකිරීමටද සිදුව ඇත .
(Gustav Gun) හි චායාරූපයක්
මෙය ක්‍රියා කරවීම සදහා එකවර 500 ක හමුදා පිරිසක් අවශ්‍යය වී ඇතැයි කියවේ . තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරාල් නිලයේ නිලධාරියෙක් වී ඇත .
තුවක්කුවේ කැලිබරය (බටයේ ධාරිතාව) මිලි මීටර් 800 ක් (අඟල් 31.5 ) විය .
එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා ඇත .
(Gustav Gun) බාවිතාකල උන්ඩ
මෙයින් කිලෝමීටර් 47ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබී ඇත . මේ උන්ඩයක ප්‍රබලත්වය කෙතරම්දයත් කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හටගන්නා බව සදහන් . එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන් හැකියාව තිබී ඇත උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන් යැයි සදහන් වේ .
(Gustav Gun) තුවක්තුවෙන් වෙඩිතබනා චායාරූපයක්
‘ගුස්ටාව් ගන්’ මෙය නිපදවා ඇත්තේ 1930 දෙවන ලෝක යුධ සමයේය . ෆ්‍රීඩ්‍රික් කූප් මෙහි නිර්මාතෘ වේ . කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කර ඇත . මෙය නිර්මාණයට හිට්ලර් උනන්දු වී ඇත්තේ එවකට ප්‍රංශය විසින් දෙශසීමාවේ ඉදිකර තිබූ (මැගිනොර්ට් ලයින් ෆෝර්ට්) නැමති බංකර් ක්‍රමය විනාශ කිරීමට බව සදහන්ය .
මේ වර්ගයේ තුවක්කු 2ක් නිර්මාණය කර ඇත හිට්ලර් මෙයින් තුවක්කු 3ක් ඇණයුම් කලත් 3න් වෙනි තුවක්කුව නිමකිරීමට පෙර ජර්මනිය පරාජයට පත්වී ඇත . බ්‍රිතාන්‍ය හමුදාව විසින් නිර්මාණය කරමින් තිබූ තුන්වැන්න කර්මාන්ත ශාලාව තුලදීම විනාශකාර ඇත . පළමුවැන්න එහි නිර්මාතෘගේ වියදමින් නිමවන ලදී දෙවැන්න නිමකිරීම සදහා ජර්මන් මාර්ක් මිලියන 7 ක වියදමක් දරා ඇත . දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරන ලදී .
ජර්මනිය යුද්ධයෙන් පරදවීගන යන විට මේ තුවක්කු දෙකම පුපුරව විනාශකර ඇතැයි සදහන් වේ .
(Gustav Gun) දෙවන තුවක්කුව ඩෝරා විනාශකර දැමීමෙන් පසු
මේ එහි ආකෘතියකි
මූලාශ්‍රය හා Gustav Gun ගැන විකිපිඩියාවේ සදහන් වන තොරතුරු .
ස්තුතියි - සජාන්
ඇත්තටම මන් අදයි මේගැන කියවුවේ ,, ස්තුති මේවා පලකරනවට
ReplyDeleteමේ තමා මගේ ලෝකෙ මම ආස කරන දේවල් .. . . .
Deleteඑහෙම උනාට මම අනිත් බ්ලොග් ඔක්කොමත් කියවනව අවුල මට ඔයාලට වගේ ලස්සනට ලියන්න බෑ . හික්
මේ ආටිලරිය ගැන විචාරක හරි සෙන්නා හරි ලියලා තිබුනා වාගේ මතකයි . එ ලිපියෙත් කරුණු ගොඩක් තිබ්බා , හිටහං හොයාගන්ඩ බලන්ඩ
ReplyDeleteසියලුම කාලතුවක්කු ගැන ලියල තිබ්බෙ විචාරක මේ තුවක්කුව ගැනත් තියනව හැබැයි සමහර ගණනය කිරීම් වල අඩු පාඩු කිහිපයක් තියනව.
Deleteහොඳ යි හොඳ යි. අපි මේව ගැන දන්නෙ නෑ නෙ.
ReplyDeleteස්තුතියි දිලිනි . කොහොමත් බවලත් උදවිය බලවත් විදිහට මේ වගේ දේවල් හොයනව අඩුයි නෙ . ඒත් සමහර දේ ගැන මොනයම් හෝ කරුණු කාරණා දැනගත්ත කියල වැඩිවෙන්නෙත් නෑ .
Deleteසජාන්........මේ විෂය සම්බන්ධව ලිපි කියවන්න කැමැත්තක් ඇති උනේ විචාරකගේ ලිපි කියවල. මේකත් තවත් අත්දැකීමක්. ස්තූතියි.
ReplyDeleteමමත් කියෝන ගොඩාක් වැදගත් කරුනු තියන බ්ලොග් එකක් විචාරකගෙ බ්ලොග් එක .
Deleteඅරුගේ ඩවිය - ඔයත් බ්ලොග් ගොඩක කොමෙන්ට් දාල තියනවත් දැක්ක .
ස්තුතියි යලු