September 13, 2013

විශිෂ්ඨතමයෙකුගේ ජිවිතෙන් බිදක් - Abraham Lincoln

තෝමස්‌ ලින්කන් නම් වඩු කාර්මිකයකුගේ පුතකු ලෙස 1809 පෙබරවාරි 09 වැනිදා කෙන්ට්‌හිදී උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් දක්‌ෂ කථිකයෙක්‌ විය. තුරුණු වියට එළැඹෙද්දී සමාජ අත්දැකීම් අතරින් ඔහු අලුත් මාවතක්‌ සෙව්වේය. රටක නිදහස්‌ මිනිසුන් හරි අඩකුත්, වහල් මිනිසුන් හරි අඩකුත් සිටින්නේ කෙසේදැයි ඔහු තම සිතින් නිතරම ප්‍රශ්න කළේය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යා යුතු ගමන ඔහු ආරම්භ කළේය. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් විඳ ගනිමින් ගිය ඒ ගමනේදී ඇමරිකානු කොන්ග්‍රස්‌ මණ්‌ඩලයට 1846 දී අතුළත්වීමට ඔහුට වරම් ලැබුණි . 1861 මාර්තු මස 04 වන දින එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති ලෙස පත්විය .


නම - ඒබ්‍රහම් ලින්කන්
උපත - 1809 පෙබරවාරි 12  හාර්ඩින් නුවර, කෙන්ටනි හි දී
තනතුර - ඇමරිකානු එක්සත් රාජධානියේ 16 වන ජනාධිපති  -  1861.03.04 සිට 1865.04.15 තෙක්
ජාතිය - ඇමරිකානු
දේශපාලන පක්ෂය - විග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සංධානය (1864-1865)
බිරිද - මේරි තෝඩ් ලින්කන්
දරුවන් - රොබට් තෝඩ් ලින්කන්, ඒඩ්වඩ් ලින්කන්, විලී ලින්කන්, ටාඩ් ලින්කන්
රැකියාව - නීතිඥ වෘත්තිය
ආගම - ක්‍රිස්තියානි පල්ලි වලට සහභාගී වුවද කිසිදින කිසිම පල්යකට බැඳුනේ නැත යන්න සදහන් වේ.
අත්සන 

වර්ෂ 1865 දී ඇමරිකානු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සශෝධනයක්‌ එක්‌ කරමින් වහල් භාවය ඇමරිකාවෙන් තුරන් කිරීමට කටයුතු කළේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය. ලෝක ඉතිහාසය පුරාම මිනිස්‌ අයිතිවාසිකම් දිනාදීම සඳහා විශිෂ්ඨතම කාර්යභාරයක්‌ ඉටුකළ මිනිසුන් අතර ඒබ්‍රහම් ලින්කන් යන නාමය කිසිවෙකුටත් දෙවැනි නොවේ.

වර්ෂ 1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය .  ඔහුව ඝාතනය කර ඇත්තේ ජෝන් විල්කර්ස් විසිනි ඒ 1865 අප්‍රියල් 14 දින ‍රැස්වීමක් අතරතුර පි‍ටුපසින් පැමින වෙඩි තබාය මොහුව පසුව එක්සත් ජනපද්යේ මරණ දණ්ඩනයට යටත්කොට එල්ලා මරා ඇත .

John Wilkes Booth - ලින්කන්ගේ ඝාතකයා

John Wilkes Booth ගැන තරතුරක් දෙන්නෙකුට ලබාදෙන තෑගිමුදල ගැන පලවු දැන්වීම 

විශිෂ්ඨතමයා ඒබ්‍රහම් ලින්කන් ගැන තොරතුරු වල සදහන් අන්දමට  අන් අයට සවන් දුන් මිනිසෙකි. එයට උදාහරණයක් ලෙස මේ එක සිද්ධියකි . 

ඔහුගේ නමට ආ ලිපි අතර කුඩා දැරියකගේ ලිපියක්‌ තිබී ඇත ඒ ඔහු මැතිවරණයට මුහුණ දෙමින් සිටි අවධියේ දිනෙකය .

වෙස්‌ට්‌ පීල්ඩ් ඉල්
නිව්යෝර්ක්‌
1860 ඔක්‌තෝබර් 15
ගරු. ඒ. ලින්කන්
ප්‍රිය මහත්මයාණනි, 

ඔබ ඇමරිකාවේ ජනාධිපති වනවාට කැමැති අය අතර මමත් ඉන්නවා. හැබැයි මම තාමත් අවුරුදු 11 ක පුංචි ගැහැනු ළමයෙක්‌. මම ඔබට කැමැතියි. මං මේ විදිහට ලියනවට ඔබ මාත් එක්‌ක තරහා වෙන්න එපා මම ඔබේ එක අඩුපාඩුවක්‌ දැක්‌කා. ඔබේ මුහුණ හැකිලිලා. හකු ඇතුළට ගිලිලා. කිසිම ප්‍රාණවත් ගතියක්‌ නැහැ. ජනාධිපති කෙනකුට හොඳ පෙනුමක්‌ තියෙන්න ඕනෑ. මම ඔබට හොඳ උපදෙසක්‌ දෙන්නම්. ඔබ රැවුල වවන්න. එතකොට මුහුණට අමුතුම පෙනුමක්‌ ලැබෙනවා. හැම අඩුපාඩුවක්‌ම වැහිලා යනවා. 

මගේ සහෝදරයෝ හතර දෙනෙක්‌ ඉන්නවා. එයාලගෙන් දෙන්නෙක්‌ ඔබ ජනාධිපති වෙනවට හුඟක්‌ කැමැතියි. ඒත් අනෙක්‌ දෙන්නා තවමත් ඒ ගැන තීරණයක්‌ අරගෙන නැහැ. ඔබතුමා රැවුල වැව්වොත් මට පුළුවන් අනෙක්‌ සහෝදරයෝ දෙන්නට කියන්න ඔබට ඡන්දය දෙන්න කියලා. මට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි. ඔබට ජය.

මෙයට 
ග්‍රේස්‌ බෙඩෙල්

ලින්කන් ග්‍රේස්ගේ යෝජනාව පිලිගෙන ‍රැවුල වැවීමට තීරණය කල බවට පෙරලා ඇයටද ලිපියක් යවා ඇත . ලින්කන් ජනාදි පති වරන්ණයෙන් දිනූපසු ධවල මන්දිරයට යෑමටත් පෙර අර කුඩා දැරිය මුණගැසීමට ගියබව සදහන් වේ .
ග්‍රේස්‌ බෙඩෙල් - මේ ඒ ලිපිය ලියූ දැරිවිය තරුණවියෙදී

Abraham Lincoln to Grace Bedell, October 19, 1860 - ග්‍රේස්ට ලින්කන් විසින් එවූ ලිපිය

ග්‍රේස්‌ බෙඩෙල් තමා වෙත එවූ ලිපිය රාමුකර නිවසේ එල්ලා තැබීමට ලින්කන් අමතක නොකළේය . එම ලිපිය කෞතුක වස්‌තුවක්‌ සේ ඒබ්‍රහම් ලින්කන් නිවසේ සුරක්‌ෂිතව තබා ඇත .

ග්‍රේස්‌ බෙඩෙල් වෙත ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් යවන ලද ලිපිය 1966 වන තුරුත් ග්‍රේස්‌ගේ මුණුබුරන් සතුව තිබිණි . පසු කලෙකදී ඔවුන් එම ලිපිය ඩොලර් 20000 කට වෙන්දේසියේ විකුණනු ලැබීය. ජනාධිපති ලින්කන් විසින් ග්‍රේස්‌ වෙත එවන ලද ලිපිය ඩේවිඩ් වොල්පර් නම් සිහිවටන එකතු කරන්නෙකු මිලට ගෙන ඇත .

පහත සදහන් වන්නේ එක්සත් ජනපදයේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ඒබ්රහිම් ලින්කන් මැතිතුමා තම පුතාගේ ගුරුවරයාට යැවූ ලිපියේ සිංහල අනුවාදයයි. උපුටා ගැන්ම හිරු සදු තරු (90) සංවත්සර පොතෙන් .

ආදරණීය මුල් ගුරුතුමනි,
මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න.
සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්‍යාය ඔහුට උගන්වන්න.
පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.
මුල් ගුරුතුමනි,
ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න.
වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න. ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න.
කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න. හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්‍යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි.
ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව.
ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි. ඔහුට මේ අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විස්සාසයි.
මා ඔබේ හිතවත්,
ඒබ්‍රහිම් ලින්කන්.

ස්තුතියි - සජාන්

10 comments:

  1. තොරතුරු හරිම වැදගත්. චිත්‍රපටියේ Daniel Day-Lewis හොඳ රංගණයක යෙදෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු මට චිත්‍ර පටියනම් බලන්න හම්බුනේ නෑ තාම හම්බෙන පලවෙනි අවස්තාවෙම බලනව :)

      Delete
  2. අතරින් පතර තැන් තැන් වලින් දැක්කදේවල් එක තැනකට එකතු කරලා , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට .. මේක ලියන්න විශේෂ හේතුව මගේ හිතේ ඉන්න වීරයො අතරින් උඩින්ම ඉන්න කෙනෙක්ඒ බ්‍රහිම් ලින්කන් ඒ නිසයි .

      Delete
  3. මම මේ ලිපිය ගොඩක් හෙවුවා. මගේ පුතුටත් මෙය උගන්වන්න . ස්තූතියි ඔබට

    ReplyDelete
  4. oba sabaama weerayek linken janapathithumani.

    ReplyDelete
  5. oba sabaama weerayek linken janapathithumani.

    ReplyDelete
  6. වටින ලිපියක්

    ReplyDelete
  7. ස්තූති.වටින ලිපියක්❤️

    ReplyDelete
  8. ස්තූති.වටින ලිපියක්❤️

    ReplyDelete