September 25, 2013

ප‍්‍රාථමික යුගයේ සුනඛයින් | Ancient Dog,s

සුනඛයා , නරියා , හිවලා වෘකයා එකම කුලයට අයත් සතුන් වන අතර  මේ අතරින් දැවැන්ත සත්වයා වන වෘකයාගෙන් සුනඛයා සම්භවය ලබන්නට ඇතැයි බොහෝ දුරට අනුමාණ කරති .
ගල් යුගයේ මිනිසා ගෘහස්ථ සුරතලුන් ලෙස වෘක පැටවුන් ඇති කර ඇත  මෙම වෘකයින්ගෙන් මිශ‍්‍ර වී සුනඛයා බිහිවන්නට ඇත යන්න විශ්වාස කෙරේ .
සුනඛයාගේ හැසිරීම්, ගති ලක්ෂණ, ශරීර ලක්ෂණ වලින් වෘකයාට බොහෝ දුරට සමානකම් දක්වයි ප‍්‍රාථමික යුගයේ සුනඛ වර්ග අදටත් දැක ගත හැකි වේ .  මේ එසේ අවුරුදු දාස් ගානක්  නොවෙනස්ව  පැවතී ආ සුනඛ විශේෂ තුනකි .

Dingo ඩින්ගෝ

ගල් යුගයේදී ඕස්ටේ‍්‍රලියානු ඇබොරිජන් වරුන් අතර හැදී වැඩුණු කැලෑ සුනඛයා හෙවත් ඩින්ගෝ ගෘහස්ථව ඇති කළ අතර ‘ඩින්ගෝ’ අද ද බැටළු රංචු රැක බලා ගැනීමටත්, කී‍්‍රඩා සඳහාත් භාවිතා කරයි .

Basenji  බාසෙන්ජි

අප‍්‍රිකානු දඩබල්ලෙකු වන බාසෙන්ජිද ප‍්‍රාථමික යුගයේ සුනඛ වර්ගයකි .  කැලෑ සුනඛයාට නෑකම් දක්වයි. බාසෙන්ජි පසු කාලයේදී බි‍්‍රතාන්‍යයට ද ගෙන යන ලදී .


Suluki සලූකි

අරාබි සලූකි පුරාණ ඊජිප්තු ජාතිකයින් භාවිතා කළ ප‍්‍රාථමික සුනඛ විශේෂයකි . දිගු ලොම් ඇති ග්‍රේ හවුන්ඩ් සුනඛයාට නෑ කම් දක්වයි .

අතීතයෙදී වැඩි වශයෙන් සුනඛයා යොදා ගෙන ඇත්තේ ගොවිපළ වල සිටි ගව, බැටළු, ආදී සත්ව රංචු රැකබලා ගැනීම සඳහාය . දඩයක්කරුවන් තම දඩයම් කටයුතු සඳහා ද සුනඛයින් යොදාගෙන ඇත . තමන්ගේ දේපළ ආරක්‍ෂා කරගැනීම සඳහාත්, ජීවිත ආරක්‍ෂාව සඳහාත්, මිනිසා සුනඛයා මුරකරුවෙකු ලෙස භාවිතා කරයි .
හිමයානා ඇදගෙන යාම සඳහා ද සුනඛයින් එදත් අදත් භාවිතා කරයි .  එස්කිමෝවරුන්ගේ “හස්කි” සුනඛයා සහ ධ‍්‍රැව ප‍්‍රදේශ වල සැමෝයිද් සුනඛයා මීට නිදසුන්ය .

වසර දහස් ගණනකට පෙර දී ගල් යුගයෙ මිනිසා ආහාර පිණිස මස් ලබා ගැනීමට කැලෑවේ සතුන් දඩයමේ ගොස් එහිදී හමු වූ වෘක පැටවුන් තම ගල් ගුහා වෙත ගෙන ආ ඔවුහු ළමයින් ගේ සුරතලුන් ලෙස ඇති කර ඇත .
ඉන් පසු විවිධ කාර්යයන් සඳහා ප‍්‍රයෝජනවත් සත්වයෙකු බවට සුනඛයා ක‍්‍රමයෙන් පත්ව ඇත . අදටත් ලොව සෑම රටකම පාහේ මිනිසාගේ හොඳම මිතුරා සමීපතම සුරතල් සත්වයා බවට පත්ව ඇත්තේ සුනඛයායි .

පුරාණයේ ඊජිප්තු ජාතිකයින් සුනඛයා දේවත්වයෙන් සැළකූ සතකු බවට සාධක ඇත . පුරාණ ඊජිප්තු දේවාලවල කුළුණු මත සුනඛ රූප කැටයම් කර තිබී ඇත . නිවසේ සුනඛයෙකු මියගිය විට මුළු පවුලම හිස් මුඩුගා ශෝකය ප‍්‍රකාශ කරන ලද චාරිත්‍රයක්ද තිබී ඇත .  ඊජිප්තු මිත්‍යා විස්වාසවලට අනුව ‘සයිරස්’ නමැති ග‍්‍රහ තාරකාව අහසේ දිස් වූ විට එය තමන්ගේ සමෘද්ධිය වාසනාව ආරක්‍ෂාව උදා වන බවට හඟවන පෙර නිමිත්තක් ලෙස ඔවුහු සැලකූහ .  සුනඛයා ද තමන්ට ආරක්‍ෂාව ලබාදෙන නිසා මේ ග‍්‍රහතාරකාවට ඔවුහු ‘සුනඛ තරුව‘(Dog Star) යන නමින් හදුන්වා ඇත .
පසුව පුරාණ ඊජිප්තුවේ මේ සුනඛයන්ට තිබූ ස්ථානය බළලුන් (පූසන්) හට හිමිව ඇත .

තව සුනඛයින් වර්ග බොහොමයක් (දෙමුහුන් හා නුමුහුන්) වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇත . ඉහත රූප තුනේ ඉන්නා සුනඛයින් අවුරුදු දාස් ගානක් නොවෙනස්ව පැවත ආවවුන් යන්න විශ්වාෂ කෙරේ .


ස්තුතියි - සජාන්



4 comments:

  1. සජාන් ගෙන් තවත් වෙනත් විෂයක්. සලුකි පමනක් දැණගෙන සිටියෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.
      තව මෙයාල ගැන ලියන්න කරුනු ගොඩක් තියනව .
      මම හිමින් ඒවත් ලියන්නම්.

      Delete
  2. මට ඒ suluki දැකලා පුදුම හිතුනා. මොකද මුස්ලිම් ජාතිය බල්ලන්ව ප්‍රිය කරන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි
      ඒත් ඒ සුනඛ ජාතිය ඊජිප්තු සම්භවයක් තියන උන් නිසා අරාබි කාරයො බයද දන්නෑ හිරිහැර කරන්න :- ))

      Delete