September 19, 2013

"වර්ණ" අපි දකින්නේ කොහොමද ?


"වර්ණ" අපි ජීවත්වන ලෝකය වර්ණ ව්ලින් පිරී ඇත . නමුත් මේ ලෝකය තුල නොපවතින දෙයකි . මේ වර්ණ අපට පේන්නෙ ආලෝකය නිසා වේ . වර්ණ යනු මොළය තුල ඇතිවන මායාවකි . මේ ඒ වර්ණ අපි දකින ආකරය .
ආලොකය යනු විද්‍යයුත් චුම්බක තරංග විශේෂයකි . උදා - අල්ට්‍රා වයලට් . එක්ස්-රේ  වැනි තරංග  විශේෂයකි

 තරංග විශේෂ කිහිපයක්

වෙනස්වෙන්නෙ තරංග ආයාමයේ වෙනසත් සමග වේ . අප දකින වස්තූන් තුළ ඒවායේ ඉලෙක්ට්‍රෝන - හැසිරීම - චලනයන් හේතුවෙන් ඒ මතට වැටෙන ආලෝකය ප්‍රධාන කොටස් තුනකට බෙදේ .

  • පරාවර්ථණය 
  • අවශෝෂනය 
  • විසිරීම්
අප දකින  වස්තූන් තුළ මේ තුන අඩු වැඩි වශයෙන් අනිවාර්යෙම්ම සිදුවේ . යම් වස්තුවක වර්ණය  යනු යම් වස්තුවක් මතට වැටෙන  (සුදු) ආලෝකයේ පරාවර්ථනය වෙන කොටස වේ .

වැටෙන ආලෝකය ඒ ඒ අදාල (වර්ණ) වලට උරා නොගෙන අහකට පරාවර්ථණය කරන අයුරු


(අප දකින (වර්ණ)  වස්තුවේ පරාවර්ථණය වෙන ආලෝකය ඇස තුලින් ගමන් කර මොළයට ගොස් මොලයේ සිදුවන පීඩනය මගින් දකින මායවකි)

අපි දකින කෙසෙල් ඇවරියේ පාට අහකට පරාවර්ථණය කරන අයුරු (කහ) උරා නොගන්නා නිසා (කහ) පාට ලෙස අපි දකී


ඉහත සදහන් කෙසෙල් ඇවරිය උදාහරණයට ගනිමු . එය තුල (කහ) පාට යැයි කියා දෙයක් නැත . එය සිදුවී ඇත්තේ (සුදු ආලෝකය ) කෙසෙල් ඇවරිය මතට වැටී (කහ) පාටට අදාළ තරංග ආයාමය පරාවර්ථණය වී  එය අපේ ඇස තුලින් මොළයට ගොස් අප දන්නා (කහ) කියන හැගීම අප මත ඇති කිරීම නිසා . තව ආකාරයකින් කියනවනම් (කහ) පාට වස්තුවක් කහපාට උරා නොගන්න නිසා.

මෙය ටිවී එකක කොම්පියුට(ර්) එකක වැනි තිරයක දකින්නෙ කෙසේද යන්න ගැටළුවක් පැන නැගේ එය සිදුවන්නේ මෙලෙසිනි . ප්‍රධාන වශයෙන් තිරයක් (ස්ක්‍රීන්) එක හැදී ඇත්තේ පාට තුනකිනි (නිල්-රතු-කහ)
පහත රූප සටහන බලන්න ,

තිර නොහොත් (ස්ක්‍රීන්) සෑදී ඇති පාට තුන සහ ඒවා පිහිටා ඇති රටාව


ඉහත (කහ) පාට කෙසෙල් ඇවරිය දකින්න මේ (ස්ක්‍රීන්) තුල ඒ පාටට අදාල ලයිට් එකක් නැත . එය සිදුවන්නේ මෙලෙසිනි . පහත රූප සටහන බලන්න .

මූලික වර්ණ තුන සහ උප වර්ණ තුන 
(මෙය ප්‍රමාණයකින් තොරව පටින් පටට එකින් එකට මිශ්‍ර වෙවී වර්ණ හැදේ)

ඉහත රූපයේ සදහන් පරිදි (රතු) හා (කොල) පාට දෙකම එකම තැනින් නිකුත් වීම නිසා අපේ මනස පටලවා ගන්නවා (කහ) පාට කියා . 
වර්ණ අපට පේන මූලික සිද්ධාන්ථය මෙයයි .


ස්තුතියි - සජාන්

23 comments:

  1. පැහැදිලි මදි සහ සම්පුර්ණ නැහැ මට නම් සජන් ,,ආපහු ලියන්න පුලුවන්නම් තව ටිකක්

    ReplyDelete
    Replies
    1. වර්ණ අපිට පේන්නෙ ආලෝකය නිසා . ආලෝකය වස්තුවකට වැ‍ටුනම ඒ වස්තුවේ විද්‍යයුත් චුම්බක තරංග අනුව නැවත පරාවර්ථනය කරන්නෙ ඒකට උරා නොගන්නා පාටයි
      අපි ඒ වස්තුවේ පාට විදිහට දකින්නෙ ඒ උරා නොගෙන අහකට පරාවර්ථණය කරන පාට .
      ඒ කියන්නෙ ඒ වස්තුවේ ඒ දකින පාට පොඩ්ඩක්වත් නෑ .

      උදා - ඇපල් ගෙඩිය (රතු) පාටින් දකින්නෙ ඇපලට (රතු) උරා නොගන්න නිසා .

      Delete
  2. අහකට කියනවාට වඩා ඉවතට කියලා යෙදුවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං දෙවියනේ අහකට කියන්නේ ඉවතට කියන එකමනේ.

      Delete
    2. ඔයත් හරිය ඕන් .
      එයා ඒ කියන්නෙ අහකට කියනවට වඩා ඉවතට කිව්වනම් හොදයි ඒ වචනෙ එතෙන්ට වඩා උචිතයි කියල :- ))

      Delete
  3. සජාන්... මේ වගේ දේවලට වඩා, කාලින දෙයක් ගැන එහෙම නැත්නම් කවියක් කතාවක් වගේ තමන්ගේ නිර්මාණයක් කරනවනම් තමා වඩා හොඳ.. මේවා මේ බොහොම දෙනෙක් දන්න කාරනානේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . මට ලස්සනට ලියන එක තමා අමාරුම මම උත්සාහ කරනව :-)

      Delete
  4. සජාන්, අද තමයි මේ පැත්තේ ඉස ඉස්සෙල්ලම ආවේ....

    ඉගෙනගත්ත පාඩමක් ආයේ මතකෙට ආවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .
      මම නම් ඔයාව දන්නව ගොඩක් බ්ලොග් වල කොමෙන්ට් එහෙම දැක්ක .

      Delete
  5. 10 ශ්‍රේණියේ පළමු චිත්‍ර පාඩමේ තියෙන්නේ වර්ණ හදුනා ගැනිම(2003-2004කාලයේදි හරිය).....අමතක වෙලා තිබුනු කරුණු කිහිපයක් මතක් උනා,,,,ස්තූති

    ReplyDelete
  6. thilanga.. hoda wedak..


    kawruhari mata sinhalen type karanna font ekak ewanawada..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට .
      මම ලින්ක් එකක් ග්ලූගල් ප්ලස් එකට දැම්ම බලන්න . අවුලක් තිබ්බොත් නොවරදවාම කියන්න ජය !

      Delete
  7. colour blind අයට මොකක්ද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. John Dalton (1766-1844) නැමති විද්වතා වර්ණ අන්ධතාවය ගැන මුලින්ම පර්යෙශණ කරපු පුත්ගලය මම දන්න තරමින් . හරියටම ක්‍රමයක් එයත් හොයන් නෑ . ඒත් දැන් හොයන් තියනවලු එකකට එකක් වෙනස් ශබ්ද වලින් එකකට එකක් වෙනස් වර්ණ මතක තියාගන්න . ඒකත් ටිකක් සංකීර්ණ දෙයක් .

      Delete
  8. නොදන්නා කෙනෙකුට වැදගත් වේවි....හොඳ ලිපියක්..!

    මාතලන් කිවුවා වගේ තමන්ගේම නිර්මාණයක් එලියට දානවා නම් හොඳයි කියලා මටත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු .
      මට තාම අදහස් ගලපන් ලියන්න බෑ . තාම අලුත් මම උත්සහ කරනව.

      Delete
  9. මේක නිසා පරණ මතකයක් අලුත් වුනා, තමන්ගේම නිර්මාණ කරන එක හොඳයි ,එත් මේ වගේ දේවල් කරන එක නවත්තන්න එපා. මොකද උවමනාවක් වුනොත් මේ වගේ කාරනා හොයාගන්න තියෙන තැන් බොහොම අඩුයි. මේකත් එක්තරා සේවයක්. උසස්පෙල දක්වා ඉන්න අයට බොහොම වැදගත්, නිර්මාණ කරන්න එත් මේක නවත්තන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු
      දිගටම ලියනව . මේවත් කාලීන දේවලුත් ඩෙකම :-)

      Delete
  10. සාජ්න් මහත්තොය පටන් ගත්තු ගමන්ම ඉවර උනා කියල මට හිතෙනව මොක උනත් පරණ මතකයන් අලුත් උනා ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පක්ශියා
      එහෙම ඉවර වෙන්න දෙන්නෑ මම අනිත් අයගෙ පරන පොස්ට් කියවනව තාම . එක බ්ලොග් එකෙන් එක ගොඩ දෙනෙක්ගෙ . හැම දාම ලියලත් වැඩක් නෑනෙ කියවන්නත් එපායෑ .

      Delete
  11. මනෝකාය ගැන මොනවද දන්නේ

    ReplyDelete