රටින් රටට ජාතියෙන් ජාතියට තමන්ටම ආවේණික බොහෝ දේ ඇත . මේ අපි හොදින් දැක ඇති එහෙත් කවදා හෝ සොයාබැලීමට උනන්දු නොවන බෝනික්කන් විශේෂයක් ගැනයි .
මතෘෂ්කි (Matryoshka) රුසියාවටම ආවේණික වූ අලංකාර බෝනික්කන් විශේෂයකි . මත්රූෂ්කා බෝනික්කන් ගැන විශාල පොතක් ලියා ඇති ලැරිසා සොලොවියොවා කතුවරිය විසින් මත්රූෂ්කා බෝනික්කා ගේ ඉතිහාසය යුග තුනකට බෙදා ඇත එනම්
1890 - 1930 දක්වා යුගය
1930 - 1990 දක්වා යුගය
1990 සිට අද දක්වා
මත්රූෂ්කා බෝනික්කා පළමු වරට උපන්නේ 1890 වසරේදී රුසියාවේ නව මොස්කව් නුවර ඇබ්රමත්සෙවෝ ජනපදයේ පිහිටි කර්මාන්ත ශාලාවක යැයි සදහන් වේ .
සාවා මැමොන්නොව් විසින් මෙම පළමු මත්රූෂ්කා සාදන ලදී . මෙය කොටස් 7 කින් යුත් මත්රූෂ්කාවක් විය
රුසියානු ලී බෝනික්කන් විශේෂයක් වන මෙම බෝනික්කන්ට මත්රූෂ්කා යන නම යොදා තිබෙන්නේ පුරාණ රුසියන් ගොවියන් අතර ඉතා ප්‍රකට ගැහැනු නමක් වන මත්රූෂ්කා ඇසුරින් යැයි කියවේ .
ලතින් වචනයක් වන ‘Mater’ (එහි තේරුම අම්මා යන්නයි) යන වචනයෙන් බිඳී මත්රූෂ්කා යන නම සෑදී තිබෙන බවට ද මතයක් ද ඇත .
රුසියානු ගම්බද ගොවි පවුල්වල අම්මා නිරෝගී තරබාරු කාන්තාවක් වූ අතර මත්රූෂ්කා ලී බෝනික්කා ගේ ප්‍රධානම බෝනික්කා ද තරබාරු හැඩයට සකසා තිබේ .
මත්රූෂ්කා බෝනික්කන් විවිධ වර්ග තිබේ . ඇතැම් විට ඓතිහාසික චරිත ද වීරයන් ද බෝනික්කන් ලෙස නිර්මාණය වේ . 1990 දශකයේදී විවිධ ආකාරයෙන් මත්රූෂ්කා බෝනික්කන් නිර්මාණය වන්නට විය. එස්කිමෝචරු, අහිඅගුණ්ඪික කාන්තාවන්, ඇමරිකානුවන්, තුර්කි ජාතිකයින්, චීන ජාතිකයින්, ලිතුවේනියානුවන්, යුක්රේනියානුවන් ආදී විවිධ ජාතීන්ගේ ස්වරූපයට ද බෝනික්කන් සාදනු ලැබේ .
රුසියානු ගම්බද ගොවි පවුල්වල අම්මා නිරෝගී තරබාරු කාන්තාවක් වූ අතර මත්රූෂ්කා ලී බෝනික්කා ගේ ප්‍රධානම බෝනික්කා ද තරබාරු හැඩයට සකසා තිබේ .
මත්රූෂ්කා බෝනික්කන් විවිධ වර්ග තිබේ . ඇතැම් විට ඓතිහාසික චරිත ද වීරයන් ද බෝනික්කන් ලෙස නිර්මාණය වේ . 1990 දශකයේදී විවිධ ආකාරයෙන් මත්රූෂ්කා බෝනික්කන් නිර්මාණය වන්නට විය. එස්කිමෝචරු, අහිඅගුණ්ඪික කාන්තාවන්, ඇමරිකානුවන්, තුර්කි ජාතිකයින්, චීන ජාතිකයින්, ලිතුවේනියානුවන්, යුක්රේනියානුවන් ආදී විවිධ ජාතීන්ගේ ස්වරූපයට ද බෝනික්කන් සාදනු ලැබේ .
තවද සත්ව හැඩයට, බල්ලන්, පූසන්, බකමූණන්, ගෙම්බන්, වඳුරන්, සිංහයින් ගේ හැඩයට මත්රූෂ්කා සාදනු ලැබේ .
නත්තල් සීයලාගේ හැඩයට සාදනු ලබන මත්රූෂ්කා බෝනික්කෝ නත්තල් කාලයට රුසියාවේ ඉතා ජනපි‍්‍රයය . ඩිස්නි කාටුන්වල එන චරිත ද මත්රූෂ්කා බෝනික්කන් හැඩයට සාදනු ලැබේ . මත්රූෂ්කා බෝනික්කන් ගැන ලියවුණු සුන්දර සුරංගනා කතා ද එරට ජනවහරේ ඇත .
සාම්ප්‍රදායික මත්රූෂ්කා බෝනික්කන්
නත්තල වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද මත්රූෂ්කා බෝනික්කන්
විවිධ සතුන්ගේ අනුරූ ලෙස සදා ඇති මත්රූෂ්කා බෝනික්කන්
මෙහි තව බොහෝ විස්තර ඇත .
ස්තුතියි - සජන්
මෙවුන් ගැන හොදට මීටර් උන මොකක් හරි කියෙව්වා මම. කතාව මොකක්ද කියලා මතක් වෙන්නේ නෑනේ
ReplyDeleteපොතක වගේද නවක තාවකද ? පස්සෙ මතක් වේවි .
Deleteමටත් දෙයක් මතක් කරන වෙලාවට මතක් වෙන්නෑ වෙන වෙලාවක වෙන දෙයක් මතක් කර කර ඉද්දි ඕන් පරණ දේ මතක් වෙනව . (ලෙඩක්ද මන්ද මට)
ගොඩක් ටිවී එකේ එහෙම දකින්න තියනව චිත්තර පටිවල එහෙම .
වැඩිය අවදානෙට ගන්න දෙයක් නෙමේ නිසා හොයනවත් අඩුයිනෙ .
මත්රූෂ්කා බෝනික්කා ,ගෙදරක වාසනාවේ සංකේතයක් විදිහටත් හදුන්වනවා
ReplyDeleteස්තුතියි ඔයා හරි
Deleteමෙහෙ සුදු ළූනු - රතු මිරිස් - අස්ස ලාඩම් වගේ තමා
මට නම් මේ බෝනික්කෝ හරි ම කැත යි. අස්වාභාවික යි :)
ReplyDeleteටිකක් ඒ වගේ තමා
Deleteසමහර සෙට් තියනව ලොකු බෝනික්ක ඇතුලට පොඩි ඔක්කොම එකින් එකට දාන්න පුලුවන් ඇතුලෙ කුහරෙ තියන .
මමත් අහම්බෙන් ගොඩ වැදුනා. සිත් ඇදගන්නා විස්තරයක්. මට මතක විදියට රුසියාවේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ බ්ලොග් එකක මේ බෝනික්කෝ ගැන තිබුනා වගේ මතකයි.
ReplyDeleteමම නම් ආස ජපන් බෝනික්කන්ට.. බාබී ඩෝල් සෙක්සි වැඩියි.. එතකොට වනචර සිතුවිලි පහල වෙනවා..
ReplyDeleteජපන් බෝනික්කො නුත් මේ වගේම සංස්කෘතිකත්වය පිළිභිබු කරන්න ගන්නෙ ජපානෙ .
Deleteඅපේ අපිට ආවේණික බෝනික්කො මොක්කුද අප්ප ??
බෝනික්කෝ දැකලා තිබුනට මත් රුශ්කා කියලා දැනගත්තේ අදයි.
ReplyDeleteමම දැනගත්තෙත් අද ඊයෙ තමා කලින් දැකල තිබ්බට
Delete