මෙතෙක් විද්‍යාඥයන් , මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව පළි පණ ලැබූ අයගේ
“අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීය යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .
නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දුටු අවස්ථා බොහේ අඩු බවකි .
මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .
මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි .
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි.....” මම ඉන්නෙ අපායක කියලයි ”
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .