September 28, 2013

මරණයෙන් පසු ? මනෝකාය - Astral Body


මෙතෙක් විද්‍යාඥයන් ,  මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව පළි පණ ලැබූ අයගේ  “අන්තර් කාල සීමාව“  පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි  ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීය  යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .

නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දු‍ටු අවස්ථා බොහේ අඩු බවකි .

මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන  “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .

මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි . 
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි.....” මම ඉන්නෙ අපායක කියලයි ” 
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .

මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණ වලදී විද්‍යාඥයන්ට දැනගන්නට ලැබ ඇත්තේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි සදහන් . 

මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස පෙන්වාදී ඇත .
මෙතෙක් දුරට පදිංචිව සිට තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි . කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි (යලි පදිංචිය අරබයි)
නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි . මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති .  
ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති .  
සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත .  එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ . 
මෙය (හුය ලෙස හදුන්වා දී ඇත )  “හුය” මානව පියවි ඇසට නොපෙනේ .
සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි . 
මරණයක් සිදුවූ වහාම මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය (උදා- කෝමා නැමති රෝග තත්වය)

මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි . ඒවා මෙසේය 
ක්ෂූද්‍ර දේහය -  Astral Body 
ද්විතීය ශරීරය -  Secondly Body
ජීව ප්ලාස්ම සිරුර -  Bio - Plasma Body
බලශක්ති සිරුර -  Energy Body
අප‍්‍රකට (සියුම්) ශරීරය –  Subtle Body
ප‍්‍රතිරූප ශරීරය -  Counterpart Body
දිව්‍යමය සිරුර -  Ethical Body
ජීවය (ප‍්‍රාණය) - Spirit
ආත්මය -Soul

මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන්ම විද්‍යා-ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිවේ .  එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි . එනම් මනෝකායයි .

මෙවා තවම නොවිසදුනු  පරීක්‍ෂණ . මා අසා ඇති අන්දමට මෙම පරීක්‍ෂණ සදහා පුද්ගලයින් කැමැත්තෙන් හා නොදැනුවත් කමින්ද සහබාගී වී ඇත . ජීවිත හානි සිදුව ඇතත් ඒවා ලොවට හෙලිනවන රහස් ලෙස පවතී දෙවන ලෝක යුද සමයේද මේ සම්භන්ධව  පරීක්‍ෂණ සිදු කර ඇතැයි සදහන් . 


ස්තුතියි - සජාන්


5 comments:

  1. මරණයට පත්වීම බුදු දහමේ විස්තර වෙන්නේ ටිකක් වෙනස් විදියටයි.විඥානය ඉකුත්වීම කියලා එය කෙටියෙන් කියන්න පුළුවන්.මේ විඥානය සහ ආත්මය යනු එකම අරුතක් දෙන පදයක් නොවේ.
    ආත්මය යන පදය විවිධ ආගම් වල විවිධ අර්ථයෙන් යෙදවෙනවා. බුධාගමේ වරෙක එය හැඳින්වෙන්නේ තම වසඟයට ගත නොහැකි තමන්ට හසුරුවිය නොහැකි දෙයක් වශයෙන්ය. අන් ආගම්වල ආත්මය හඳුන්වන්නේ එය මරණයෙන් නොකැඩෙන,නොබිදෙන, මරණයෙන් පසුවත් ස්ථිර පැවැත්මක් ඇති දෙයක් ලෙසය.

    ReplyDelete
  2. මනෝකාය කියන දේ ගැන හුඟ විස්තර මාත් කියවලා තියෙනවා.. කාලෙකට උඩදි මේ ගැන පරීක්ෂණ කරන්න ගිය කණ්ඩායමක් වටේ ගෙතුන ටෙලි නාට්‍යකුත් ලංකාවේ ගියා මතක ඇති කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. මට මතක යි. ඒක අපූරු යි අලුත් දෙයක් නිසා. මේ තේමාව ගැන නම් මට වැඩි අවබෝධයක් නෑ....

      Delete
    2. සුසිරන් ද සිල්වා හැදූ මනෝකාය.

      Delete
  3. "මනෝකාය " මම ආසම මාතෘකාවක්....

    ReplyDelete