September 7, 2013

ශ්‍රී ලංකාව තුල කාන්තාව හා මත්ද්‍රව්‍ය ගැටලුව .

                                                 

ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ගැටලුව අද ඊයේ ඇතිවූ දෙයක් නොවේ . ඉතිහාසය පෙරළා බලන කල ක්‍රි;ව 1505 දී ලංකාව පෘතුගීසීන් විසින්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන් විසින්ද ආක්‍රමණය කරන ලදී .

මුලදී අබිං කෑම හදුන්වා දෙන ලද්දේ පෘතුගීසීන් විසිනි . ඒ පෘතුගීසි සෙබළුන් අබිං කෑමට ඇබ්බැහි වී සිටිනිසාය .

1829 දී එකල සිටි ඉංග්‍රීසි අන්ඩුකාර තුමා අබිං වගාව සදහා ගොවීන් දිරිමත් කරල ලද බවට සදහන් වේ . එයට හේතු වුයේ වතුකරයේ ද්‍රවිඩ ජනතවට අවශ්‍ය කරන අබිං  රටින් ගෙන්වන අතරම ලංකාවතුල වගා කිරීමට උනන්දු කරවීමයි .
එසේම මේ වනවිට අබිං වෙළදාම ක්‍රමවත් කිරීම සදහා ලයිසන් ක්‍රමයක් හදුන්වා දී ඇති අතර ඒ මගින් පැවති එම රජය විශාල බදු මුල්දලක් උපයාද ඇත .
කාලයෙ ඇවැමෙන් ලංකාව තුල අබිං සමාජ ප්‍රශ්නයක් ලෙස උග්‍රවු විට මේ සම්බන්ධව  1867 අංක 19 දරන අබිං හා කන්සා ආඥා පනත පනවන ලදී .
                                     අබිං
පසුව කාලෙන් කාලෙට මෙම පනත් හා නීති කෙ‍ටුම්පත් සංශෝධනය වූ අතරම අලුතින් මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්  ලංකාව තුල භාවිතා කරන්ට විය .
මෙසේ ව්‍යාප්ථ වීමට බලපෑ මූලික හේතුව ලෙස විද්වතුන් දකින්නේ 1977 න් පසු විවර වු  විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි .
මක් නිසාද ශ්‍රී ලංකාවේ මෑතක් වන තූරුම මත් ද්‍රව්‍ය උවදුරෙහි ප්‍රධාන මත් ද්‍රව්‍ය වශයෙන් ගංජා සහ අබිං සැළකිය යුතු වුවද, 70 දශකය අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතයද ආරම්භ විය. එය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ගැවසෙන කොළඹ, හික්කඩුව වැනි ප්‍රදේශ වලට සීමා වුවද වර්තමානය වන විට මෙහි භාවිතය වර්ධනය වී අනෙක් පාරම්පරික මත් ද්‍රව්‍ය හා සම තත්වයට පත්ව ඇත .
ජාත්‍යන්තර ගමන් බිමන් 1978න් පසු සීග්‍රයෙන් ඉහළ යාමද මෙම ප්‍රශ්නය වර්ධනය වීමට බලපා ඇති තවත් හේතුවකි . විදේශිකයන් බහුල වශයෙන් ලංකාවට පැමිණීම හා ලාංකිකයන් රැකියා අවස්ථා සඳහා විදේශ ගත වීම හා ආපසු ඒම මෙම ගණයට වැටේ . මැද පෙරදිග සේවය කරන ඇතැම් ලාංකික කාන්තාවන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවා ගනී . ඇමෙරිකාවේ මාපියා , යුරෝපයේ කමෝරා ආදී සංවිධාන ලංකාවේ මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව විශ්වාස කළ හැකිය . ශ්‍රී ලංකා‍වේ පැවති ත්‍රස්වාදී කටයුතුද මෙම ප්‍රශ්නය උග්‍ර වීමට බලපා ඇත .
යුරෝපා මත් ද්‍රව්‍ය නාශක ඒජන්සිය ශ්‍රි ලංකාවට වාර්තා කර ඇති අන්දමට, 1986 අප්‍රේල්, මැයි මාස වලදී පමණක් ඩොලර් 40,000,000 වටිනා මත් ද්‍රව්‍ය තොග සමඟ ශ්‍රී ලංකා ජාතිකයින් 80 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත. 80 දශකය තුළ පමණක් ශ්‍රී ලංකාවේ දෙමළ 200 කට මත් ද්‍රව්‍ය චෝදනා පිළිබඳ‍ව යුරෝපීය රට වලදී නඩු පවරා ඇත .

හෙරෝයින් නැමති අති ප්‍රබල මත්ද්‍රවයය මෙය ශ්‍රී ලංකාවට මුල් වරට ආවායි සැලකෙන්නේ 1983 දශකයෙය  මෙය L.T.T.E යෙ ආරම්භක වර්ශයද වේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති විකාශනය

මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ලබා ගැනීම මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත අපරාධ වැලැක්වීම නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ බලපාන නෛතික ප‍්‍රතිපාදන ආඥා පනතක් ගොඩනැඟී ඇත.

විෂ අබිං අන්තරායකර ඖෂධ ආඥා පනත (1948 අංක 13 දරණ සංශෝධනය)
දණ්ඩ නීති සංග‍්‍රහය (1983 අංක 2 දරණ සංශෝධනය)
ආයුර්වේද ආඥා පනත (1961 අංක 31 දරණ සංශෝධනය)
රේගු ආඥා පනත (ලෙස්ලි 2005 : 37)

මේ ලංකාව තුල මත්ද්‍රවය බාවිතයේ අතීතයෙන් බිදකි . එය එසේ වෙද්දී මෙයට කාන්තාවන් මෑත ඉතිහාසයේ සිට එක්වන්නේ මෙලෙසය .

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනය පිරිමි ජනගහනය අතර පමණක් නොව කාන්තා ජනගහනය අතරද ව්‍යාප්තව ඇත . ලෝක ජනතාවගෙන් මිලියන 120 ක් මත්ද්‍රව්‍ය භාවිතයට අවතීර්ණ වී ඇති අතර වර්ෂයකට 123,000 ත් වඩා වැඩිප‍්‍රමාණයක් මරණයට පත් වේ .

ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් මිලියන 2105 ක් දුම්බීමට ඇබ්බැහි වී ඇත . කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය දුර්භාවිතය දකුණු දිග ආසියාව තුළ වැඩි වෙමින් පවතී .

කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක සහ සමාජමය ආදී පැතිකඩකි .

ඉන්දියාවේ නගර 33 ක් ආශ‍්‍රයෙන් කරන ලද සමීක්‍ෂණයකදී පැහැදිලි වූයේ ගෝවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය දුර්භාවිතය ඉහළ මට්ටමක පැවතී බවයි . එය පිරිමින් හා කාන්තාවන් අතර සංසන්දනයේදී 20.1 % අනුපාතිකයකින් විය .

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය දුර්භාවිතයේ ප‍්‍රවණතාවය

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සාපේක්‍ෂ වශයෙන් ආසියානු කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිත මට්ටමට එතරම් වෙනස් නොවේ. මත්ද්‍රව්‍ය භාවිතා කරන ශ්‍රී ලාංකික කාන්තාවන් ආශ‍්‍රයෙන් විශේෂ ලක්‍ෂණ දෙකක් හඳුනාගත හැකිය .

1 මත්ද්‍රව්‍ය භාවිතා කරන කාන්තාවන්ගේ ප‍්‍රමාණය සාපේක්‍ෂ වශයෙන් පිරිමි ප‍්‍රමාණය හා සසඳන විට ඉතා අඩු මට්ටමක පැවතීම .
2 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයේ යථා ස්වභාවය හෙලිකරන සංඛ්‍යාලේඛන විරල වීම .

ගම්බද ප‍්‍රදේශවල මෙන්ම නාගරික ප‍්‍රදේශවලද අඩු ආදායම් ලබන පවුල් වල කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය නිෂ්පාදන කාර්යයෙහි යෙදීම පිළිබඳ නිරවද්‍ය සංඛ්‍යාලේඛන අප‍්‍රකටය . එහෙත් මත්ද්‍රව්‍ය වැරදි හේතුකොටගෙන අත් අඩංගුවටගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛන පලවී ඇත . මෙහිදී සැලකිය යුතු කරුණක් වනුයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යා තුළින් මත්ද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ තත්‍වය නොපෙන්වන බවයි .
මත්ද්‍රව්‍ය භාවිතයේ එක් අංශයක් පමණක් නිරූපණය වේ .
තවද 2000 - 2010 දක්වා මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ බන්ධනාගාරගත වූවන්ගේ සංඛ්‍යාලේඛන වලට අනුව මෙම කාල පරාසය තුළ පිරිමින්ගේ වර්ධනයට සාපේක්‍ෂව කාන්තාවන්ගේ සිරගත වීම් වල 200 % ප‍්‍රතිශත වර්ධනයක් දක්නට ලැබේ .

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්ගේ සේවා නියුක්තිය පිළිබඳ විග‍්‍රහ කිරීමේදී කැපී පෙනෙන විශේෂ ලක්‍ෂණ ඇත . ලිංගික සේවිකාවන් සහ කම්කරු වෘත්තියෙහි නියැලෙන කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත. 23.43% ක් ලිංගික සේවිකාවන් වේ . 22.9% ක් කම්කරු රැුකියාවල නිරත වේ . කම්කරු කාන්තාවන් සනීපාරක්‍ෂක කම්කරු කුලී වැඩ, වතු ආශ‍්‍රිත වැඩ, කොහුලණු, වීමෝල වල වැඩ කරන හා විවිධ ආයතන වල සුළු සේවිකාවන් ලෙස කටයුතු කරන අයගෙන් සමන්විතය .
මෙම ක්‍ෂේත‍්‍රවල රැකියාවල නිරතවූවන්ගේ සමාජ පිළිගැනීම, වෘත්තිය, පරිසරය හා ආකල්ප ස්ත‍්‍රීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට සෘජුවම බලපා ඇත .

තත්වය එසේය . මෙයින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව තුල පිරිමින් පන්මනක්ම නොව කාන්තාවනුත් කරට කර මත්ද්‍රවය හා සම්භන්ධ බවයී .

නමුත් මාගේ පුද්ගලික අදහසනම් මේ කතුන් බහුතරයක් කුමනහෝ පුද්ගලයකුගේ බලපෑම් මත මෙයට තල්ලුවී ඇති බවකි . ඒ පුද්ගලයින් නිසැකයෙන්ම පිරිමින් විය යුතුයි .

ලැබුනොත් මේ පොත් දෙකත්  කියවන්න .

ජයතිලක දේවිකා , වි‍ජෙසිංහ ධනපාල
කොළඹ නගරයේ කාන්තා මත්ලෝලිත්වය.
අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලය. 2007.

ඡි. ඵ්. ගාමිණි ලෙස්ලි
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය.  
ආරියප්‍රකාශකයෝ මරදාන. 2005.  

ස්තූතී - සජාන්

7 comments: