September 17, 2013

නාවික සංඥ කොඩි 26 - Navy Flag Alphabet

අප බාවිතා කරන මාර්ග සංඥ වගේම මුහුදු ගමනටත් විශෙෂ සංඥ ඇත .ඒ ජාත්‍යයන්තරව පිලිගත්  කොඩි සංඥ (Navy Flag) විදිහට . මේවගෙ ප්‍රධාණම කොඩි 26 ක් ගෙන එය නම්කර ඇත්තේ  නාවික කොඩි හෝඩිය කියල ඒ කොඩිවලින් දෙන අදහස් හා ඒ කොඩි 26 මොනාද බලමු .

මේ නැවක කොඩි අකුරු පිළිවෙලට - අරන්තියන තැනක් අවශ්‍යය වූවිට අවශ්‍යය කොඩිය ගෙන නැවේ කුබගහේ රදවයි.

A-Alfa
ඇල්ෆා - මෙම මොහොතේ මෙම නව්කාවේ කපිතාන් බැහැරව ඇති නමුත් අඩු වේගයක් පවත්වාගෙන ඉදිරියට යමි .


B - Bravo
බ්‍රාවො - මෙම නව්කාවේ මේ අවස්ථාවේ අණතුරු දායක දෑ ප්‍රවාහණය කරමින් - බාමින් - පටවමින් හෝ හමුදාමය පුපුරණ ද්‍රව්‍යය ප්‍රවහනයේ යෙදෙමින් සිටී .


C - Charlie
චා(ර්)ලි - මෙය අවස්ථාණු කූලව යෙදෙන්නකි . උදා - නැවක තොරතුරු සංනිවේදන පද්දතියේ දෝශයක් ඇතිවිට යම් හේතුවකට නැව්ට අවශ්‍යය නම් (ඔව්)  කියා හෝ (සහතික ලෙස කියන) අදාළ කාරනේ සත්‍යය බාවය කියන්න බාවිතාකරන කොඩිය මෙයයි තව තේරුම් නම් අස්ත්‍යර්ථ - තරයේ කියන - සත්තක - සහතික ලෙස කියන

D - Delta
ඩෙල්ටා - මෙම කොඩියෙන් කියවෙන්නේ මේ අවස්ථාවේ මෙම නැවෙන් දුරස්ව ඉන්න මෙය අකරතැබ්බියකට - දුෂ්කරතාව මුහුණපා ඇත . අනතුරක් ඇගවීමේ කොඩියකි .

E - Echo
එකෝ - මෙයත් අවස්ථා කිපයකදිම යොදාගනී . උදා - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් .      (වරාය ආශ්‍රිතව)

F - Foxtrot
ෆෝක්ස්-රොට් - මෙම නව්කාව අබලන්ව ඇත . හෝ  මෙම නව්කාව අබලන් බැවින් මෙය සමග සංනිවේදනය කරන්න - සබධතාවය දිගටම තියාගන්න .

G - Golf
ගෝල්ෆ් - නැවක මෙම කොඩිය දා ඇත්නම් නැවේ ඒ මොහොතේ කපිතාන් නැත . නැවෙන් බැහැරව ඇත යන්නයි .

H - Hotel
හොටෙල් - මේ මොහොතේ මේ නැවතුල කපිතාන් ඇත . නැවට කපිතාන් ආවා - වාර්ථාකලා .

I - India

ඉන්ඩිආ - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් . (නැවත) වරාය දෙසට පදවනවා

J - Juliet
මෙම අවස්ථාවේ මෙහි අනතුරු දායක ගින්නක් - කාන්දු වීමක් . මෙයින් ඉවත්වී සිටින්න - යන්න .

K - Kilo
කිලො - මෙය තවත් නව්කාවකට දෙන පනිවුඩයකී එනම් . (මා කැමතී ඔබත් සමග පණිවුඩ හුවමාරුවේ යෙදෙන්න) යන අරුතයි . මෙය බොහෝ දුරට මුහුදු මංකොල්ල කාරය්න්ගේ ග්‍රහණයට හසුවූ නැවක් සමග පණිවුඩ හුවමාරු කිරීමට කැමැත්තෙමි යන්න හමුදාව විසින් යොදාගනී.

L - Lima
ලීමා - මෙය තව යාත්‍රාවකට තමාවිසින් දෙන පනිවුඩයකි  එනම් ඔය නව්කාව වහාම නවත්වන්න . යන විධානයයි . බොහෝ දුරට බාවිතාකරන්නේ හමුදාව පමණි .

M - Mike
මෙම නැව ක්‍රියා විරහිතයි . 


N - November
නොවැම්බ(ර්) - නැත යන අර්ථය දේ (C - Charlie) හීම විරුද්ධ පදය .


O - Oscar
ඔස්කා(ර්) - මනුස්සයෙකු හෝ කිහිප දෙනෙකු නැවෙන් වැටී ඇත - ඒ නිසා නවත් වා ඇත . යන අර්ථය දේ


P - Papa 
පපා - මෙය තව එකකින් තව එකකට හෝ කීපයකට දෙන පණිවුඩයකි ඒ මුහුදේ ඇති බාධාවක්  වැන්නක් ගැනයි .

Q - Quebec
මේ යාත්‍රාව සාමාන්න්‍යයි (හොදින්) . වරායකනම් ඇතුල් වීමේ බලපත්‍රය හා රදවා තබා ගැනීමේ බලපත්‍රය සහිතව නවත්වාගෙන සිටී .


R - Romio
රොමි(ඔ) - ගමන් මග අවසානයි . ගමනාන්තයට පෙමිණීම පැමිණ ඇති බව කියා පෑමට යොදා ගනී .


S - Sierra
සි(ඒ)රා - මෙම නව්කාව පසුපසට පදවනවා . අනතුරට පත්වූ කොඩියක් සමග වෙදුවොත් තල්ලුවී යනවා . යන අරුත දේ .


T - Tango
ටැංගො - මෙම යාත්‍රාව නිදහස්කර යවන්න මුලින් යවන්න . (යාත්‍රා දෙකක් එකට ක්‍රියාකාරකමක යෙදෙන අවස්ථාවන් හී යොදන්නකි)


U - Uniform
යුනිෆෝ(ර්)ම් - මෙය තව යාත්‍රාවකට දෙන පණිවුඩයකි - ගමන් ගන්නේ අවදානමක - ගමන් කරන්නේ අවදානමක් තුල යන්න අනතුරු ඇගවීමකි .


V - Victor
වික්ට(ර්) -  උදව් - පිහිටක් - සහනයක් - උපකාරයක් අවශ්‍යයි උවමනායී 


W - Whiskey
විස්කි -  මේ කොඩිය දා ඇත්නම් එම නැවට දොස්තර කෙනෙකු හෝ බෙහෙත් අවශ්‍යයි .



X - Xray
එක්ස්-රේ - තව යාත්‍රාවකට දෙන විදානයකි එනම් පදවාගෙන යාම නවත්වන්න මාගේ අණ හෝ විධාණය ලැබෙනතුරු ඉන්න . යන අරුතයි .


Y - Yankee
යැන්කී - මෙම කොඩිය බාවිතා කරන යාත්‍රාවක් වේනම් එය නැන්ගුරම අකුලමින් සිටිමි යන්න දෙන පණිවුඩයයි .


Z - Zulu
ෂූළු - මෙම නැවට නැව් ඇදගෙන යන (ටග්) බෝට්‍ටුවක් උවමනායි . යන අරුත මේ කොඩියෙන් දේ.



ස්තුතියි - සජාන්


16 comments:

  1. පාරෙ යන අපිට මොන නැව්ද බං.

    හොද පෝස්ට් එකක්.. අපි ඕස්ට්‍රේලියා යන්න ඉන්නෙ ;)

    ජය !!

    ReplyDelete
    Replies
    1. එළ ... ඕස්ට්‍රේලියා යනවනම් වැදගත්ම කොඩිය මෙතන නෑ හික් හික් හී .
      අර ඇටක‍ටු දෙකයි මිනී ඔලුව තියන එක ඒක දාගෙන යන්න මාත් එන්නන් :-)

      Delete
  2. වැදගත් ලිපියක් නොදන්න දේ දැන ගැනිම හොදයි.ඉගෙන ගත්ත දේවල් අහක යන්නේ නෑ කියල කව්දෝ විද්වතෙකුත් කියල තියෙනවනේ.ජය!

    ReplyDelete
    Replies
    1. ස්තිතියි ශානු .. .
      මේ ගැන කවුරුත් ලියල තිබුනෙ නෑ ඒ නිසා මම මට දැනගන්නත් එක්ක පොඩ්ඩක් හොයල බැලුව .

      Delete
  3. හොඳ පෝස්ට් එකක් යාලු...............

    ReplyDelete
  4. පලවෙනි වතාවට දැනගත්තේ මෙච්චර කොඩි පාවිච්චි වෙනවා කියලා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට . මෙතන තියෙන්නෙ ටිකයි තව සෑහෙන්ට තියනව මම හිතන්නෙ වැඩිපුරම කොඩි වර්ග හා ගැට වර්ග පාවිච්චි කරන්නෙ නාවික ගමන් වලට .

      Delete
  5. අඩේ..සුපිරි වැඩක් නෙ........ඔය වචන අහලා තිබුනට තේරුම දැනගත්තෙ අදයි....හමුදා බල ඇණිත් ඕවාම භාවිතා කරනවා නේද පණිවිඩ හුවමාරුවට...ඒ ගැනත් හොයල බැලුවනම්..සමහරවිට තේරුම වෙනස් ඇති....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු .
      මේ නාවික ගමන් වලට පොදුවෙ (ජාත්‍යයන්තරව) යොදා ගන්න කොඩි .
      සමහර විට රටින් රටට නම වෙනස් උනත් දෙන පණිවුඩයනම් ඒකම තමා .
      සමහර විට ලංකාවෙ එක එක හමුදා රෙජිමේන්තුවෙන් රෙජිමේන්තුවට කොඩි තියනව වගේ අපිට රට තුල පමනක් භවිතා කරන කොඩි ඇති . මම හොයල බලල පස්සෙ පෝස්ට් එකක් දාන්නම් කො :- )

      Delete
  6. නියමයි ඈ මම පැපුවා නිව්ගිනියා යන්න ඉන්නෙ මොකද්ද සජන් හොඳම කොඩිය ඈ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. Whiskey
      හික්හි හි හී.
      විහිළුවක් කොලේ ඈ . : - ))

      Delete
  7. මම කිව්වේ මෙන්න මේ වගේ ඒවා.. ඔය තියෙන්නේ නියමෙට.. මේක දැක්කේ පස්සේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් අයිය .
      උන්නු ගමන් පොඩ්ඩක් චොර පෝස්ට්-‍ටුට් දානව තමා තාම හිහි හි .

      Delete
  8. අම්මප මෙහෙමත් කොඩි වනනවද සජෝ.. නියම පෝස්ට්කටුවක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දෙශක යාණනී .
      _____________________________________________________ .
      මට තියන එකම සතුටට කරුණ නම් මම බ්ලොග් ලියන්න අත් පොත තබද්දීම
      ජේස්ට පලපුරුදු කාරයො සෙට් එකක් එකෙම්ම හමුවීම : -)

      Delete