September 4, 2013

කොළබ කො‍ටුව කෝ ??? කොළබ කො‍ටුව හා ලංකාවේ සියළුම බලකො‍ටු


යුරෝපා රටවල් තුනක් විසින් ලංකාව අවුරුදු 500 කටත් අදික කාලයක් යටත් කරගෙන සිටියේ අප රටේ කුරුදු නිසා යැයි ඇතමෙක් කියති.
මක් නිසාද අපේ කුරුදුවලට සමාන කුරුන්දක් එදා ලොව කිසිම රටක නොවීය.
කුරුදු වලට වහ වැ‍ටුනු යුරෝපා රටවල් 3ක් එකෙක් පරයමින් අනිකා නැගී සිටිමින්
අප රටේ කුරුදු , මුතු , මැණික් ආදී පිටරට පැටවූහ. අවසානයේ ඔවුහු රටේ රාජ්‍යය පාලනයටද අත තැබූහ.

ඒ යටත් විජිත සමයේ නෂ්ටාවශේෂ අදටද රට පුරා දැකිය හැකිය . ඒ නෂ්ටාවශේෂ  අතර ප්‍රධාන තැනක් බලකො‍ටු වලට හිමිවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතමකොට බලකො‍ටු තැනීම සිදුවන්නේ පෘතුගීසීන් අතිනි . ඒ 1505 සිට1658 දක්වා කලය තුලදියී.
මුහුදුබඩ ප්‍රදෙශ යටත් කරගෙන සිටි පෘතුගීසීහූ සිය ආදිපත්‍යය පතුරවාලීම සදහා මේ බලකො‍ටු තැනීය. ඒවා ඔවුන්ගේ වාණිජ කටයුතු වලටත් රට යහපත් කරගෙන පාලනය කිරීමටත් ඔවුන්ට ඉවහල් විය.

ඒ අතුරින් වඩාත් වැදගත් බලකො‍ටු කිහිපයක් ඔවුන්ගෙන් පසුව ලංකාව යටත් කරගත් ලන්දෙසීන් විසින් අල්ලාගනු ලැබීණි. ලන්දේසීහූ ඒවා විශාල කොට වැඩිදියුනු කොට නැවත තෑනූහ.

ඉන් පසුව ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යය  ලන්දේසීන් පරදා පලවා හැර ඒවා තමුන්ගේ භාරයට පත්කර ගත්හ . නැවත පෙර මෙන් බ්‍රිතාන්‍යයයෝද වැඩි දියුනු කර ප්‍රතිනිර්මාණය කරන ලදී . ඒවා ඉපැ‍රැණි යුද සමයක නෂ්ටාවශේෂ ලෙස අපට අද ඉතිරිව ඇත් .

මේම බලකො‍ටු වලින් සමහරක් අද වනවිට හමුදා ‍රැදවුම් පොලවල් ( Military Garrisons) ලෙසද තවත් සමහරක් සිවිල් පරිපාලන කාර්යාල ලෙසද බාවිතයට ගැනේ . තවත් බලකො‍ටු ගණනාවක් නෂ්ටාශේෂ බවට පත්ව හෝ කැලෑවෙන් යටවී පවතී . එහෙත් ඇතැම් බලකො‍ටු මනාලෙස සංරක්ෂනය කරනු ලැබ සුවිශාල සංචාරක ආකර්ශණ බවට පත්ව ඇත .
මෙම බලකො‍ටු වලින් සමහරක් පහසුවෙන් හදුනා ගත හැකි අතර එමෙන්ම ඒවා තුලට ප්‍රවේශ වීමටද පුලුවන ඒවා හී පදනම අඩක් හෝ නොනැසී අදටත් පවතී .

මේ ඒ බලකො‍ටු වලින් කීපයකි .

කොළබ බලකො‍ටුව

රූප සටහන - කොළබ කො‍ටුව

ශ්‍රී ලංකාවේ තැනු ප්‍රතම යටත්විජිත බලකො‍ටුව වේ. එය තැනූවෝ හු පෘතුගීසීහුය.
එය ලංකාවේ බටහිර ප්‍රදේසේ උපායත්මකව පිහි‍ටුවා ඇත . මෙම  භූමිබාගය මුහුදට විහිදීගිය කර්කශ මුහුදු තීරයකි. මෙම බලකො‍ටුව ලන්දේසින් විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවකට 7 මාසයක් තිස්සේ සාර්තකව මුහුනදීමට ඊට හැකිවී තිබේ.
අවසානයේ සාගතය හා රෝ-බිය නිසා යටත් වීමට කොළබ කො‍ටුවට සිදුවිය .
පෘතුගීසින්ගේ යටත්වීමත් සමග කොළබ අල්ලාගත් ලන්දේසීහු බලකො‍ටුවේ වෙනස්කම් මාලාවක් සිදුකලහ.
ඔවුන් කොළබ නගරය කොටස් දෙකටට බෙදා එහි බටහිර කොටසේ සිය බලකො‍ටුව තනාගත්හ .  ඔවුන්ගේ එම බලකො‍ටුව පෘතුගීසින් තැනු මෙම බලකො‍ටුවෙන් තුනෙන් එකක් පමණ විය . එහෙත් එහි ආරක්ශක වැටකඩුලු හා අංගෝපාංග සුවිශාලලෙස වැඩිදියුනු කර තිබිණි .
බලකො‍ටුවේ භූමිය දෙසින් විශාල ආරක්ෂක අට්ටාල 4ක් විය . මුහුද පැත්තින් ප්‍රහාරක මුරපොළවල් 7ක් තනා තිබිණි ඒවාට ඕලන්දයේ ප්‍රදාන  නගරවල නම් යෝදා තිබිණි .
ඕලන්ද කො‍ටුව වටකොට පහරදීමක් සිදුනොවූ නමුත් එය 1796 පෙබරවාරි 16 බ්‍රිතාන්යට යටත්විය . 1870 දී පමන කො‍ටුවේ සියලු බිත්ති සහමුලින් බිම හෙළා නූතන කොළබ  නගරය පුලුල් ලෙස වියාප්ත වීමට ඉඩදීම සදහා බ්‍රිතාන්යන් විසින් තීරනය කරන ලදී.
අද මෙම බලකො‍ටුවේ නෂ්ටාවශේෂ කිසිවක් ඉතිරිව නැත.          

මෙය කොළබ කො‍ටුවේ ඉතිරිවූ කොටසක යැයි අනුමාන කරන දුර්ලභ චායාරුපයකි


යාපනේ බලකො‍ටුව

රූප සටහන -  යාපනේ කො‍ටුව 

යාපනේ කො‍ටුව ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම බලකො‍ටුව වේ . පෘතුගීසින් විසින් මුලින්ම 1619 දී තනනු ලැබූ මෙය පසුව ලන්දේසීන් විසින් අල්ලාගනු ලැබ යලි ගොඩනංවා පුළුල් කර ඇත . 
එය ජාමතික වශයෙන් පරිපූර්ණ පංචාස්‍රයක හැඩයට ගොඩනගා ඇත .
එහි ඒ ඒ මුලුවල උස් ආරක්ශක ප්‍රකාර හී ප්‍රහාරක මුරපොළවල් තනනු ලැබීය . මෙම බලකො‍ටුව ඔබ්බෙහී තරුවක හැඩය ගත් දිය අගලක්ද වේ.
ගාලු හා කොළබ කො‍ටු වූ කලී ආරක්ෂක නගර විය . එහෙත් ඒවාට පරස් පරව යාපයන කො‍ටුව ඒකායන වශයෙන් හමුදාමය හා පරිපාලණමය මෙහෙයක් ඉ‍ටුකර ඇත. මක් නිසාද යාපනය කො‍ටුව තාක්ෂණික වශයෙන් පරිපූර්ණ කො‍ටුවකි . එය එවක අළුත්ම සැලසුම් අනුව සැකසූවකි. එය පෙරදිග සවිශක්තිමත්ම බලකො‍ටු වලින් එකක්වී ඇත.
1795 දී එනම් කො‍ටුව තනා අවුරුදු දෙකකින් යාපනේ කො‍ටුව ඉංග්‍රීසින්ට යටත් විය .
අද යාපනේ කො‍ටුව පවතින්නේ සෝචනීය තත්වයකය 30 ස් වසරක බෙදුම් වාදී යුද්දයට ගොදුරුව යාපනේ කො‍ටුවට විශාල හානි සිදුවී ඇත

  යාපනේ කො‍ටුවේ පිවිසුම් දොරක් 
යාපනේ කො‍ටුව තව ආකාරයකට

හැමන්හිල් බලකො‍ටුව

හැමන්හිල් බලකො‍ටුව

හැමන්හිල් බලකො‍ටුව

යාපනේ කලපුවට ප්‍රවේශවන දොර‍ටුව ඉදිරියේ තනා ඇති දර්ශනීය කුඩා දිය බලකො‍ටුව පෘතුගීසීන් විසින් 17 වන ශතවර්ශයේ මැද භාගයේ තනන ලද්දකි .
කොරල්පර කඩා තනනු ලැබූ හැමන්හිල් කො‍ටුව ( ෆෝර්ට් රෝයල් ) යැයි නම් තබනු ලැබීය . එය ප්‍රති නිර්මාණය කරනු ලැබුවේ 1680 දී ලන්දේසින් විසිනි .
ඔවුන් ඊට හැමන්හිල් යැයි නම් තැබූහ . ඊට හේතුව ඔවුන් ලංකාව (හැම්) කැබැල්ලක් හෙවත් ඌරු කකුලක පි‍ටුපස මස් කැබැල්ලක් ලෙස දු‍ටු හෙයිණි . එම හැඩය මෙම බලකො‍ටුව තුලින්ද දිස්වන නිසා හැමන්හිල් යැයි ලන්දේසි බසින් නම් කරනලද බව සදහන් වේ .
අටපට්ටම් හැඩය ඇති මෙය අද නාවික හමුදාව විසින් පවත්වාගෙන යන සුකෝපබෝගී හෝටලයකි.

මීගමුව බලකො‍ටුව

රූප සටහන - මීගමුව බලකො‍ටුව

මීගමු කො‍ටුව මුලදී පෘතුගීසින් විසින් ගොඩනගන ලද්දකි . එහෙත් එය 1640 දී ලන්දේසීන් විසින් විනාශකර දමනු ලැබ එහි නෂ්ටාවශේෂ මත තමන්ගේම බලකො‍ටුවක් ඉදිකරණ ලදී .
එය පංචාශ්‍රයක හැඩයෙන් යුතුය කලපුවෙත් මුහුදේත් කුඩා බොක්කක් අතර ඉදිකර ඇත .
බලකො‍ටුවට ප්‍රවෙශවන්නේ අරින වහන පාලමක් මගිනි . මෙය බිද දැමූ බ්‍රිතාන්ය ජාතිකයෝ එතන බන්ධනාගාරයක්ද ඉදි කර ඇත . බලකො‍ටුවේ මව් දොර‍ටුව හා කො‍ටුපවුරේ කොටසක්ද අදටත් එහි දකින්න තිබේ .
එහි ඇති ඔරලෝසු කුලුණ වික්ටෝරියා මහ ‍රැජිනගේ සංවත්සර මහෝත්සවය වෙනුවෙන්  ඊට පසුව ඈදන ලද්දකි.                                            
නෂ්ටාවශේෂ වී ඇති මීගමු කො‍ටුවේ චායාරූපයක්


කල්පිටිය බලකො‍ටුව

රූප සටහන - කල්පිටිය බලකො‍ටුව

කල්පිටිය කො‍ටුව ඉදිකර ඇත්තේ මුලින්ම පෘතුගීසින් අල්ලගෙන සිටි තැනකය. එතන ජේසු නිකායීක දේවස්ථානයක් හා සිවිල් ජනාවාසයක් පැවතී ඇත.
ලන්දේසී හූ යාපනේ තිබූ පෘතුග්‍රීසින් සතු අවසාන බලකො‍ටුව අල්ලාගැනීමෙන් පසුස රටේ වෙළදාම පාලනය කිරීමේ අරමුනින් අද අප කල්පිටියේ දකින බලකො‍ටුව ඉදිකිරීමට පියවරගෙන ඇත .
එය ඔවුන් ඉදිකරේ එතැන වූ පැරණි පෘතුගීසි දේවස්තානය මැදිවන්ටය . කල්පිටිය බලකො‍ටුව ඉතා හොද සංරක්ෂිත තත්වයක පවතී . බලකො‍ටු වලට ආසාකරන ඈයොන්ට  එතනදී ඉතා රසවත් තොරතුරු සමුදායක් දැකගැනීමට හැකියාව ඇතැයි පැවසේ .
එය තනා ඇත්තේ මූලික වශයෙන් හතර පැත්තක් සහිත එමෙන්ම සතර මුලු සහිත ප්‍රහාරක බලකො‍ටුවක් ආකරයටය .

එහෙත් එහි නැගෙනහිර දොර‍ටුවේ අමුතු වෙනසක් දකින්ට ඇත . මෙහි ප්‍රහාරක කුටි හා කාලතුවක්කු සිදුරු සකස්කොට ඇත්තේ කිසිදු සතුරෙකුට කො‍ටුවේ කිසිදු බිත්තියක් කො‍ටුව තුල ඉන්න කවරෙකුට හෝ නොපෙනී නැගීමට නොහැකිවන අන්දමිනි .
යමෙකු කො‍ටු පවුරට නැගුනහොත් ඔහු එහි සවිකොට තිබූ තුවක්කු ප්‍රහාරයට එක හෙලා ප්‍රාප්තවනු නිසැක අන්දමිනි .
අද එය නාවික හමුදා කදවුරකි .අවසර ලබා ඇතුලත සංචාරයකල හැක .
කල්පිටි බලකො‍ටුවේ ඉදිරිපස දොර‍ටුව

මන්නාරම් බලකො‍ටුව

රූප සටහන - මන්නාරම් බලකො‍ටුව

මන්නාරම් බලකො‍ටුව පෘතුගීසින් විසින් 1560 දී  ඉදිකරනු ලැබූවකි .
එය පසුව ලන්දේසීන්ට යටත් වූ අතර ඉන්පසුව එය බ්‍රිතාන්යන් අතට පත්විය .

මේ බලකො‍ටුවේ ප්‍රහාරක කුටි හතරක් ඇත . බලකො‍ටුව මනා තත්වයකින් පවතින අතර එය අද වනවිට මන්නාරම පොලිස් ස්ථානය පිහි‍ටුවා ඇත .


මඩකළපුව බලකො‍ටුව

රූප සටහන - මඩකළපුව බලකො‍ටුව

මඩකළපුව බලකො‍ටුව  තනනු ලැබූවේ එහි කළපුවේ පිහිටි කුඩා දූපතක් අළලා 1628 දී පෘර්හුගීසීන් විසිනි.
එය ඔවුන් විසින් තනනු ලැබූයේ ඕලන්ද නැව් පෙළක් මඩකලපුවට සේන්දු වී මහනුවර රජු හමුවීමට පිටත්ව යෑමෙන් පසු බව කියැවේ .
ලන්දේසීන් 1638 දී මෙම බලකො‍ටුව අල්ලා ගත්හ . එය ඔවුන් හට ලංකාවේ පය ගැසීමට ප්‍රතම අවකාශය වූ බව කියවේ.
සෘජුකෝණශ්‍රයක හැඩැති  මෙම කො‍ටුවේ ඒ ඒ මුලුවළ ප්‍රහාරක කුටිය බැගින් විය . එය වටා කිබුලන් ගෙන් පිරි දිය අගලක්ද විය.
කො‍ටුව තුල සොල්දාදුවන් ගේ නිදන කාමර - අණදෙන නිලධාරියාගේ නිවස - තුවක්කු සහිත ආයුධාගාරය සහ ඕනෑම ලන්දේසි බලකො‍ටුවක් තුල දක්නට ලැබෙන කැල්වින් න්‍යාය පරිදි සරළ දේවස්ථානයක් විය .
එය 1772 දී බ්‍රිතාන්්‍යට යටත් විය .

අද මෙහි කච්චේරිය හා කෞතුකාගාරයක් පිහි‍ටුවා ඇත. කො‍ටුවේ මුලු හතරේ ප්‍රහාරක කුටි හතර අදටත් නුරුපද්‍රිතව පවතී .

මඩකළපුව බලකො‍ටුව හා අද දක්නට ඇති කෞතුකාගාරය දිස්වන ආකාරය



ත්‍රිකුණාමලය බලකො‍ටුව

මෙය මුලින්ම ඉදිකරනු ලැබුයේ පෘතුගීසීන් විසින් 1624 දීය. එය ඔවුන් තැනුවේ අසල වූ හින්දු කෝවිලක් කඩා එයින් ලබාගත් ගල්වලිනි . එය 1639 ලන්දේසීන් විසින් අල්ලා ගනු ලැබිණි . එහෙත් ලන්දේසීන් විසින් මෙහි අලුත් බලකො‍ටුවක්  තනනු ලැබුවේ 1665 දීය . ඔවුන් එය හදුන්වනු ලැබූයෙ ( පැගෝඩා හිල් ) යනුවෙනි එයට අද බාවිතා වන ෆෙඩ්‍රික් බලකො‍ටුව යන නාමය බ්‍රිතාන්්‍යන් තබන ලද්දකි .

අද එය ශ්‍රී ලංකා යුද හමුදා අකන්ඩ ‍රැකවරණය මත සංචාරක අපාරාදීසයක්ව ඇත .

ත්‍රිකුණාමලේ බලකො‍ටුව


කළුතර බලකො‍ටුව

රූප සටහන - කළුතර බලකො‍ටුව
     
කළුතර බලකො‍ටුවද 1662 දී පෘතුගීසින් විසින් තනනු ලැබූවකි . 
එයත් පසු කාලීනව ලන්දේසීන් හට යටත් විය .අද එහි අඩිතාලම කොටස කළුතර බෝධිය වටා දැකිය හැක .

කළුතර බෝදිය වටා ඇති පවුර නිමවා ඇත්තේ පරණ බලකො‍ටුවේ අඩිතාලම මතය


මාතර බලකො‍ටුව

රූප සටහන - මාතර බලකො‍ටුව

මෙය පෘතුගීසින් විසින් ඉදිකරන ලද්දේ 1550 දීය . අද දක්නට ලැබෙන කො‍ටු පවුර හා ලන්දේසි රාජ්‍ය ලාංජනය සහිත බලකො‍ටුව 1763 දී ලන්දේසීන් විසින් තනනු ලැබූවකි .
මෙය අදටද හොද තත්වයේ පවතී .

ලන්දේසි රාජ්‍ය ලාංජනය

මාතර බලකො‍ටු පවුර 


තංගල්ල බලකො‍ටුව

ලන්දේසින් විසින් තනනු ලැබූ තංගල්ල බලකො‍ටුව අද බංධනාගාර දෙපාර්තමේන්තුව විසින් බංධනාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලබයි .


හම්බන්තොට බලකො‍ටුව

හම්බන්තොට බලකො‍ටුව  -  Martello Tower

හම්බන්තොට මෝටෙලෝ කුලුණ ආරක්ශක මුර කුලුණකි . මෙය ඉංග්‍රීසින් විසින් තැනූ බලකො‍ටුවක් ලෙස පිලිගැනේ . මෙවැනි අන්දමේ ලංකාව තුල වන එකම කුලුණ මෙයවන අතර ගණකම බිතිති - මුරකාවල් - අවි ආයුධ ගබඩාව හා පදිංචියට ඉඩකඩක් සහිත රවුම් හැඩැති බලකො‍ටුවක් ලෙස හැදින් වේ .


ගාලු කො‍ටුව

රූප සටහන - ගාලු කො‍ටුව

මෙය ලංකාවේ මනාලෙස සංරක්ෂිත බලකො‍ටුව ලෙස හැදින්වව හැක . පෘතුගීසින් ලංකාවට පැමිණ කාලයක් ගතවූ පසුව එනම් 1589 දී තනනු ලැබූ මෙය මුලදී කිතුල් කොටන් හා මැටිවලින් තනා ඇත . එය සැන්ටා - කෲස් ලෙස හදුන්වා ඇත .
ඔවුන් කො‍ටු පවුරක් හා ප්‍රකාර ඊට ඈදුවේ ඊට බොහෝ කලකට පසුව බව සදහන් වේ .
එහි මුරකුටි ඉදිකර ඇත . ඇතුලු වීමට අරින වහන පාලමකින් සමන්විතව තිබී ඇත .
දැනට අප දකින ගාලු කො‍ටුවේ අක්කර 90 වකින් යුතු කො‍ටුව ඉදිකර ඇත්තේ ලන්දේසින් විසිනි .
අද මෙය ලෝක උරුමයක් කොට සලකන අතර එහි පැරණි ගේට්‍ටුවේ පිටත බ්‍රිතන්්‍ය හා අයර්ලන්ත රාජ්‍ය ලාංචන කොටා ඇත .
ඇතුලු පැත්ත ඕලන්ද නැගෙනහිර ඉන්දියා සමගමේ ( V.O.C) පලිහ සහ මුද්‍රාව දක්නට ලැබෙ .
කො‍ටු පවුරු හා ප්‍රකාර කුටි අදටද දකින්ට ඇත්තේ එදා ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගෙන සිටි සමයේ දකින්ට තිබූ අන්දමින්ම බව පැවසේ .

ඕලන්ද නැගෙනහිර ඉන්දියා සමගමේ ( V.O.C ) පලිහ සහ මුද්‍රාව

පැරණි ගේට්‍ටුවේ පිටත බ්‍රිතාන්්‍ය හා අයර්ලන්ත රාජ්‍ය ලාංචන


ගාලු කො‍ටුව

 ඌන සංරක්ෂිත බලකො‍ටු

ඌන සංරක්ෂිත තත්වයේ බලකො‍ටු කීපයක් ඇතත් ඒවා පිහිටි ස්ථාන හදුනා ගැනීමට නොහැක ඒවා පියවි සොභාවයෙන් දැකිමටද නොහැකි බව සදහන් වේ .

ශ්‍රී ලංකාව තුල බලකො‍ටු පිහිටි ස්ථාන






මේ පහත ලින්ක් එකේ තවත් විස්තර තියනව බලකො‍ටු ගැන අවශ්‍ය නම් බලන්න .

මම ලිව්ව දිගම බ්ලොග් පෝස්ට් එක අඩු පාඩු ඇත්නම් සමාවෙන්න .
මම කියන්න ඕන දෙයක් තියනව . මම ශ්‍රී ලංකාවෙ බලකො‍ටු ගැන ලිනන්න හිතුවෙ
මම ආස කරන බ්ලොග් එකක් වන චාමිකයගෙ බ්ලොග් ඉසව්වෙ පලවෙලා තිබ්බ ලිපියක් දැකල . 
ඒ ශ්‍රි ලංකාවෙ ලයිට් හවුස් ගැන  ඔය පහත ලින්කුවෙන් ඕනෙ නම් ඒකත් බලන්න .

විස්තර හා තොරතුරු අන්තර්ජාලයෙන්
ස්තූතිය - ක්‍රිශානි ප්‍රනාන්දුට

ස්තූතී - සජන්



7 comments:

  1. මහන්සි වෙලා ලිවුව දිගම ලිපිය බොහෝම වටිනවා... යාපනේ බලකොටුවේ සෝචනීය තත්වය තව ටික දවසකින් හමාර වේවී.. මේ වෙද්දි ඒක බොහෝමත්ම අපූරුවට සංරක්ෂණය කෙරෙමින් පවතිනවා...

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි යාළු ඔයා ගොඩක් තොරතුරු දන්නව වගේ පේනව ස්තූතියි

      Delete
  2. තවත් අපූරු බලකොටුවක් වෙන කයිට්ස් කොටුව ගැනත් ලිය උනානං මරු... ඒක තනිකරම කොරල් වලින් හදලා තියෙන්නේ... අරිප්පු කොටුවත් එහෙමමයි... මන්නාරම් කොටුවනං බොහෝම දුක්ඛිත තත්වයේ තාමත් තියෙන්නේ... මඩකලපු කොටුව ඇතුට යන්න උනේ නැහැ මං ගියේ ඉරිදාවක හින්දා කච්චේරිය වහලා හින්දා...

    ReplyDelete
    Replies
    1. කයිට්ස් කොටුව ගැන මට ලියන්න කරුනු හම්බුනේ නැ යාළු මම හොයාගෙන මේකට දානව හම්බුනු ගමන්ම .

      Delete
    2. සමා වෙන්න කයිට්ස් නෙවෙයි මං අදහස් කලේ..ඩෙල්ෆ්...
      http://ctkumara.blogspot.com/2012/02/blog-post.html

      Delete
    3. ලොකු විස්තරයක් තියන නියම ලිපියක් ඔයා ලියල තියෙන්නෙ මාරයා .
      නොගිය කෙනෙක්ට උනත් දල රූපයක් මවාගන්න පුලුවන් විදිහට ලියල තියනව .
      ස්තුතියි

      Delete
  3. කොළඹ කොටුවේ කොටසක් තවමත් කොළඹ කොටුවේ පිහිටි කොමර්ෂල් බැංකු පරිශ්‍රයේ දැකගන්න පුලුවන්. ඒ වගේමයි ගාලු කොටුවේ ලන්දේසි ලාංඡනය සහ ඉංග්‍රීසි ලාංඡනය මාරු කරගෙන කියලා පේනවා

    ReplyDelete