September 16, 2013

ප්ලාස්ටික් සැත්කම් - Plastic Surgery

කැපුම් තුවාල ලැබ  ඇස්, මස්, ලේ, ඇට, ඇට මිදුළු, පේෂි, ශ්ලේෂ්ම පටල, උඩු හනුව, යටි හණුව වෙන්ව මස් වැදලි එල්ලෙමින් ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ තරුණයකුගේ මුහුණෙහි පෙනුම යථා තත්ත්වයට පත්කර ගැනීමේ විශ්මිත ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරු පිරිසක් පිළිබඳව  පුවතක් මා හට අසන්න ලැබුනේ මීට මාස තුනකට පමණ පෙර ජාතික පුවත්පතකිනි . පුරා පැය දොළහක ශල්‍යකර්මයකින් පසු ඔහුව යථාතත්වයට පත්කර ඇත්තේ ජාතික රෝහලේ වෛද්‍ය ගයාන් ඒකනායක - වෛද්‍ය අමිල සිරිවර්ධන හා වෛද්‍ය දුලිප් පෙරේරා යන වෛද්‍යවරුන් තිදිනාබව සදහන්ව තිබිනි . ඔවුන් විසින් සදහන් කල අන්දමට ලංකාව තුල  විකෘති වූ, අනතුරට ලක්වූ ශරීරයෙන් වෙන්වූ කොටස් බද්ධ කර යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම කොළඹ ජාතික රෝහලේ ආරම්භ කර ඇත්තේ මීට වසර 45 කට පමන පෙරදීය . එම ප්ලාස්ටික් ශල්‍ය ඒකකය මගින් වසරකට ශල්‍යකර්ම 2500 -300  අතර ප‍්‍රමාණයක් කරන අතර සුළු වශයෙන් ප‍්‍රතිකාර ගන්නා පිරිස වසරකට 10000 කට වැඩි බව සදහන් වුනා .

මේ එවැනි  හකුහණු වෙනස්කල රූපයක් Plastic Surgery Before And After

අන් සෑම දේම වාගේ ප්ලාස්ටික් සැත්කමත් අද-ඊයේ ලොවට බිහිවු දෙයක් නොවන වගත් ප්ලාස්ටික් සැත්කම් බුද්ධ වර්ෂ 700 තරම් දිගු ඉතිහාසයකට දිවෙන්න්ක් බවත් සදහන් වේ . අතීතයේ අපේ අසල් වැසි රටේ ඉන්දියාවේ  බුද්ධ වර්ෂ 8 වන සියවසේ  මුල් කාලයේ විසූ මහාරිශි සුශ්‍රැත් නම් වෛද්‍යවරයා හට හම බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම‍ට හැකියාව කිබූ බවට වාර්තා වේ . සුශ්‍රැත් සම්හිතයෙහි ඔහු විසින් සිදු කරන ලද නාසයෙහි සහ කනෙහි සැත්කම් පිළිබදව විග්‍රහ කෙරේ 18 වන ශත වර්ෂයේ අග භාගය වන තෙක්ම ඉන්දියාවෙහි පැවති ප්ලාස්ටික් සැත්කම් පිළිබදව වූ දැනුම ගැන Gentleman’s Magazine නම් කෘතියෙහි සදහන්ව ඇත .


මහාරිශි සුශ්‍රැත් ගේ පිළිරුවක්

තවද බුද්ධ වර්ෂ පළවන සියවසෙහි මුල භාගයෙහි විසු රෝමාණුවන් හට විනාශ වූ කණක් බද්ධ කිරීම වැනි සරළ ක්‍රමෝපායන් සිදු කිරීමට හැකියාව තිබූ බවට සාක්ෂි ඇත .  1465 දී රචිත ග්‍රන්ථ වලට අනුව අධෝව්‍යපනිය පිළිබදව (Hypospadias) වර්ගීකරණයක් විස්තරාත්මකව සදහන් කර ඇතැයි සදහන් වේ .
පහලොස් වන ශතවර්ෂයේ මැද භාගයේ දී යුරෝපයෙහි Heinrich Von Pfolspeundt විසින් සුනඛයන් විසින් කා දමා විනාශ කරනු ලැබූ නාසයක් නැවත පුනරුත්ථාපනය කිරීම පිළිබදව විග්‍රහ කර ඇත .

මෙය සිදු කිරීම අතෙහි පිටුපසෙහි ඇති සම කොටසක් ඉවත් කර එය අදාල ස්ථානයට බද්ධ කිරීම මගින් කෙරේන්නකි . නමුත් හිසෙහි හෝ මුහුණෙහි සිදු කරන සැත්කම් සදහා ඇති අවධානම හේතු කොට ගෙන 19 වන සහ 20 වන ශත වර්ෂයන් වන තෙක්ම ඒවා බහුලව සිදුකර නොමැත . 
නිර්වින්දන ක්‍රම පිළිබදව සොයාගැනීම් ඇති වීමට ප්‍රථම සිදු කරන ලද සියලුම සැත්කම්වල දී රෝගියාට අතිශය වේදනාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුව ඇතැයි අනුමාන කෙරේ . සැත්කම් නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන ප්‍රමාණය විෂබීජහරණ ක්‍රම හා ජීවානුහරණ ක්‍රම හදුන්වාදීමත් සමගම කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත . තවද පෙනිසිලින් සහ සල්ෆර් අන්තර්ගත ප්‍රතිජීවක ඖෂධ හදුන්වාදීමත් සමගම ඉහතකී ආසාදනයන් වළක්වා ගැනීමට හැකියාවන් ලැබී ඇත .

1791 දී Chopart විසින් බෙල්ලෙන් ලබා ගන්නා ලද පටක කොටසක් භාවිතා කර තොලෙහි සැත්කමක් සිදු කරන ඇත .
1814 දී Joseph Carpue විසින් රසදිය මගින් සිදු කරන ලද ප්‍රතිකාර ක්‍රමයක් හේතුවෙන් සිය නාසය අහිමි වූ බ්‍රිතාන්‍ය හමුදා සේවකයෙකු හට සැත්කමක් සාර්ථක ලෙස සිදුකරනඇත .
Karl Ferdinand von Graefe නම් ජර්මානු ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් 1818 දී ඔහු විසින් නාසයෙහි සිදු කරනු ලැබූ සැත්කම් පිළිබදව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇත ඔහු විසින් මුල් යුගවල දී සිදු කරන ලද සැත්කම් ක්‍රමයට වඩා නිදහස් සම බද්ධ කිරීමේ ක්‍රමයක් උපයෝගී කර ගනිමින් නව ඉතාලි ක්‍රමයක් භාවිතා කෙරූ ලදැයි සදහන් වේ .
1845 දී Johann Friedrich Dieffenbach විසින් නාසයේ සිදු කරන සැත්කම් පිළිබදව විස්තරාත්මක විග්‍රහයක් රචනා කරන ලදී. මෙය Operative Chirurgie ලෙස නම් කරන ලද අතර පුනුරුත්ථාපනයට පත් කරන ලද නාසයක් නැවත සැත්කමකට භාජනය කිරීම මගින් එහි පෙනුම වැඩි දියුණු කර ගත හැකි අන්දම විස්තර කර ඇත .
1892 දී Robert Weir විසින් ගිලුණු නාසයක සිදු කරන ලද බද්ධ කිරීමේ සැත්කමක් අසාර්ථකවී ඇත .
1896 දී ජර්මානු ජාතික මුත්‍රා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වූ James Israel හා 1889 දී ඇමරිකානු ජාතික  George Monks විසින් නාසයෙහි වූ ආබාධයක් සදහා සාර්ථකව අස්ථි බද්ධ කිරීමක් මගින් සැත්කමක් සිදුකර ඇත .

 වෛද්‍ය Vilray Blair යනු මෙම ක්ෂේත්‍රයෙහි එක් නිර්මාතෘවරයකු වන අතර ඔහු සෙන්ලුවිස් මිසූරි හි වොෂින්ටන් සරසවියෙහි ප්ලාස්ටික් සහ ප්‍රතිසංස්කරණ සැත්කම් පිළිබදව ප්‍රධානියා විය. ඔහු විසින් පළමුවන ලෝක යුද්ධයේ දී සංකීර්ණ වශයෙන් මුඛය හා හණු ප්‍රදේශයෙහි තුවාල ඇතිවූ සෙබලුන්හට ප්‍රතිකාර කරන ලද අතර ඔහු විසින් රචිත ‘ මුහුණ ප්‍රතිසංස්කරණය කිරීමේ ශල්‍ය විද්‍යාව’ ප්‍රකාශනය මගින් එම ‍ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම ලබාගත හැකිය. ඔහු දන්ත වෛද්‍ය විද්‍යාව පිළබදව දැණුමක් නොමැතිව ඇමරිකානු මුඛ සහ ප්ලාස්ටික් සැත්කම් සංගමයට තේරී පත් වූ මුල්ම ශල්‍ය වෛද්‍යවරයා වන අතර ඔහු විසින් පසු කාලීනව ප්ලාස්ටික් සැත්කම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයන් වූ ශල්‍ය වෛද්‍යවරුන් සදහා දැනුම ලබා දී ඇත.
අසාර්ථක වූ ප්ලාස්ටික් සැත්කම් කිහිපයක්




ස්තුතියි - සජාන්

12 comments:

  1. ආසාර්ථක වූ සැත්කම් ගොඩට මයිකල් ජැක්සන් අයියා ඇතුලත් නොවන්නේද? ;)

    හොද ලිපියක්..
    ජය !

    ReplyDelete
    Replies
    1. සිරාවට පොරත් කොච්චර කැත උනාද ඔව්වා කොරලා

      Delete
    2. මොකෝ නැත්තෙ මම ඉතින් දැම්මෙ නැ ඒ ෆොටො එකක් . මට දන්න හිතුන් නෑ හි හික් . . .

      Delete
    3. ලක්මාල් අයියා මම අහල තියනව මැරුනෙත් ෆ්ලස්ටික් සර්ජරි කරල අප්සෙට් උනු එකට බෙහෙත් අරන් අරන් පස්සෙ පේන් කිලර් වලට ඇබ්බැහි වෙලා පේන් කිලර් ඔවර්ඩෝස් වෙලා කියල .
      ඒකෙ සත්‍යය අසත්‍යය තාවෙනම් කොහොමද දන්නෑ . ඒව හරියට එලියට දුන්නෑනෙ

      Delete
  2. ලස්සණ ලිපියක්. ලබා උපන් හැටි වෙනස් කරගන්නෙ මොකට ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි ..
      (රූපළාවන්‍යය සම්බන්දෙන්) ඒක හරි සොබාවධර්මයට විරුද්දව ගිය කවුරුත් වැඩි දුර ගිහින් නෑ :-)

      Delete
  3. Replies
    1. ස්තුතියි ශානු
      මම ඔයා බ්ලොග් ගොඩක කමෙන්ට් කරල තියනව දැකල තියනව .

      Delete
    2. සජාන් මම ගොඩක් කියවන්න කැමති.එත් පුස්තකාලයකට බඩගාන එක මට තියෙන කාලයත් එක්ක ටිකක් අපහසුයි.ඉතින් හොදට ලියන කට්ටිය තමා බ්ලොග් ලෝකේ ඉන්නේ.අනික නාපොලි සිංහල පුස්තකාලේ ආදර කතා වැඩිද මන්දා? .....ඉතින් මන් බ්ලොග් කියවන්න ගත්තා.කියවන ගොඩාක් ලිපි වලට කොමෙන්ටුවකින් සප් එකක් දෙනවා.එතකොට ලියන කෙනා ගොඩක් දිරිමත් වෙනවා.අත්දැකිමෙන් කියන්නේ හොදේ...සන්තෝසයි අපේ අල්ලපු ඉස්කොලේ හිටිය සහෝදරයෙක්ගේ බ්ලොග් එකක් කියවන්න ලැබිම ගැන.....අනික නාපොලියේ බ්ලොග් ලියන අය, විශේෂයෙන් කොල්ලෙක් ඉදිම අගය කරනවා.මොකද සමස්තයක් විදිහට ගත්තම බහුතරයක් පිරිමි පාර්ශවයේ අයගේ මනස මත් පැන් වලින් නිර්වින්දනය වෙලානේ තියෙන්නේ.........(මේ මන් නාපොලියේ බොහෝමයක් පිරිමි පර්ශවය දකින විදිහ පමණක් බව සලකන්න)
      දිගටම ලියන්න ඔයාට ජයෙන් ජය!

      Delete
    3. ශානු මුලින්ම විශේෂයෙන් ස්තුතියි කියන්න ඕන ඔයාගෙ දිග කොමෙන්‍ටුවට .
      මොකද මේ බ්ලොග් එකටම එකම දිගම කොමෙන්‍ටුව :-)

      ඔයා හරි සාමන්‍යයෙන් පිට රටක ‍රැකියාව එක්ක පුස්තකාලයකට හා කියවීමට කාලය වෙන්කර ගන්නවා කියන එක අසීරු කරුණක් බව දනිමි .

      මම කවම දාකවත් නාපොලියේ සිංහළ පුස්තකාලයට ගිහින් නෑ . ආදර කතා වැඩිවෙන්න හේතුව විදිහටනම් මම දකින්නෙ යාළු ඒ ඒ අයගෙ රසවින්දනයේ පරාසය මම ඒකට චෝදනා කරන්නෑ කාටවත් (ඔයා චෝදනා කරා කියනවා නෙමේ) ඔයා ඒ ජාතියෙ පොත් වලට කැමති නෑ වගේ පේනවා . (මමත් ආදර කතාවලට විශේෂ උනන්දුවක් දක්වන් නෑ)

      මම මේ බ්ලොග් කරණයට නවකයෙක් . ඒත් ඔයා කිව්ව වගේ මමත් දැක්ක දෙයක් තමා බ්ලොග් ලියන්නො ගොඩක් උඩින් ඉන්නෙ අනිත් ලියන්නන්ට වඩා .

      ඔයා හෝලි ෆැමිලි බාලිකා ගිය වග දන්නෙ මේ කොමෙන්‍ටුවෙන් ඒ වගේම ඉතාලියේ ඉන්නවාය කිවට නාපෝලි යන්නත් . (සමාවෙන්න ප්‍රොෆයිල් එක බැලුවෙ නෑ)

      නැවත ස්තුතියි යාළු කරපු ගුණකථනයට :-) ඔයාගෙ අනුමානය හරි නාපෝලි ඉන්න ඔයාට අමුතුවෙන් කියන්න ඔනෙ නෑ මෙහෙ කොල්ලො අරක්කු බීගෙන ඇති කරගන්න ගැටළු පියට්ස දාන්තෙ - විආ රෝම - වගේ තැන්වල පොඩ්ඩක් කරක් ගැහුවනම් ඉරිදට පේනව හොදටම කස්ටියගෙ තරම .

      ඒත් යාළු මම දැනට ඉන්නෙ නම් ලංකාවෙ (රට ඉද්දි එහෙම උන්න කියනව නෙමේ හරිය) මම උන්නෙ මගෙ අම්ම තාත්ත එක්ක සාන්ත ලුචිආ ඒ කියන්නෙ ප්ලෙබිචිටො පිට්ටනිය එහා පැත්තෙ
      මම බේරෙන්න ඇත්තෙ ඒ දෙන්න එක්ක උන්නු නිසා වෙන්න ඇති :-)
      කොහොම උනත් මත්වෙලා ලබන වින්දනය මට මදි මම දැනුම පිපාසයකින් පෙලෙනව . ඒ නිසා මම මත් වෙන්න උත්සහා කරන් නෑ . මම ආය ලගදිම එනව ඒ ආවත් දිගටම ලියනව .

      Delete
    4. මන් ආදර කතා වලට අකමැත්තක් නෑ විශේෂ කැමැත්තකුත් නෑ....මාත් ඔය අලුතින් ඉගෙන ගන්න පුලුවන් දෙයකට ගොඩක් අය ලියන ශෙයිලයන් අධයනයට කැමති.මාත් බ්ලොග් ලියන්න අරන් වැඩි කාලයක් නෑ මුලින් මන් ලිව්ව ලිපි ප්‍රාථමික ශ්‍රේණි වල ලියපු පුංචි රචනා වගේ,දැනුත් කියලා මහා ලොකු වෙනසක් නෑ.....එත් ඉතින් ලියන්න දරණ උත්සහය අත අරින්නෙත් නෑ.
      ඔය කියන්නේ වොටර් සාන්තු පාර්ක් එක කිට්ටුව වෙන්න ඕනා යාළු ඉන්නේ...........
      මන් සාමානයෙන් මට හමුවෙන ඕනම කෙනෙක් ගැන හොයලා බලනවා.ඒ මගේ හැටි යාළු වෙනුවෙන් වැඩි පුර යමක් ලියන්නට සිත් වුයේ ......කලින් කී ලෙස ඔබ සහෝදර පාසැලේ සිටිමත් නාපොලියේ මන් වගේ තවත් එකෙකු බොලොග් ලිවිමට ප්‍රිය කිරිමත් නිසා සිතේ උපන් සතුට නිසාය.

      Delete