ගල් යුගයේ මිනිසා ගෘහස්ථ සුරතලුන් ලෙස වෘක පැටවුන් ඇති කර ඇත මෙම වෘකයින්ගෙන් මිශ්ර වී සුනඛයා බිහිවන්නට ඇත යන්න විශ්වාස කෙරේ .
සුනඛයාගේ හැසිරීම්, ගති ලක්ෂණ, ශරීර ලක්ෂණ වලින් වෘකයාට බොහෝ දුරට සමානකම් දක්වයි ප්රාථමික යුගයේ සුනඛ වර්ග අදටත් දැක ගත හැකි වේ . මේ එසේ අවුරුදු දාස් ගානක් නොවෙනස්ව පැවතී ආ සුනඛ විශේෂ තුනකි .
Dingo ඩින්ගෝ
Basenji බාසෙන්ජි
Suluki සලූකි
අතීතයෙදී වැඩි වශයෙන් සුනඛයා යොදා ගෙන ඇත්තේ ගොවිපළ වල සිටි ගව, බැටළු, ආදී සත්ව රංචු රැකබලා ගැනීම සඳහාය . දඩයක්කරුවන් තම දඩයම් කටයුතු සඳහා ද සුනඛයින් යොදාගෙන ඇත . තමන්ගේ දේපළ ආරක්ෂා කරගැනීම සඳහාත්, ජීවිත ආරක්ෂාව සඳහාත්, මිනිසා සුනඛයා මුරකරුවෙකු ලෙස භාවිතා කරයි .
හිමයානා ඇදගෙන යාම සඳහා ද සුනඛයින් එදත් අදත් භාවිතා කරයි . එස්කිමෝවරුන්ගේ “හස්කි” සුනඛයා සහ ධ්රැව ප්රදේශ වල සැමෝයිද් සුනඛයා මීට නිදසුන්ය .
වසර දහස් ගණනකට පෙර දී ගල් යුගයෙ මිනිසා ආහාර පිණිස මස් ලබා ගැනීමට කැලෑවේ සතුන් දඩයමේ ගොස් එහිදී හමු වූ වෘක පැටවුන් තම ගල් ගුහා වෙත ගෙන ආ ඔවුහු ළමයින් ගේ සුරතලුන් ලෙස ඇති කර ඇත .
ඉන් පසු විවිධ කාර්යයන් සඳහා ප්රයෝජනවත් සත්වයෙකු බවට සුනඛයා ක්රමයෙන් පත්ව ඇත . අදටත් ලොව සෑම රටකම පාහේ මිනිසාගේ හොඳම මිතුරා සමීපතම සුරතල් සත්වයා බවට පත්ව ඇත්තේ සුනඛයායි .
පුරාණයේ ඊජිප්තු ජාතිකයින් සුනඛයා දේවත්වයෙන් සැළකූ සතකු බවට සාධක ඇත . පුරාණ ඊජිප්තු දේවාලවල කුළුණු මත සුනඛ රූප කැටයම් කර තිබී ඇත . නිවසේ සුනඛයෙකු මියගිය විට මුළු පවුලම හිස් මුඩුගා ශෝකය ප්රකාශ කරන ලද චාරිත්රයක්ද තිබී ඇත . ඊජිප්තු මිත්යා විස්වාසවලට අනුව ‘සයිරස්’ නමැති ග්රහ තාරකාව අහසේ දිස් වූ විට එය තමන්ගේ සමෘද්ධිය වාසනාව ආරක්ෂාව උදා වන බවට හඟවන පෙර නිමිත්තක් ලෙස ඔවුහු සැලකූහ . සුනඛයා ද තමන්ට ආරක්ෂාව ලබාදෙන නිසා මේ ග්රහතාරකාවට ඔවුහු ‘සුනඛ තරුව‘(Dog Star) යන නමින් හදුන්වා ඇත .
පසුව පුරාණ ඊජිප්තුවේ මේ සුනඛයන්ට තිබූ ස්ථානය බළලුන් (පූසන්) හට හිමිව ඇත .
තව සුනඛයින් වර්ග බොහොමයක් (දෙමුහුන් හා නුමුහුන්) වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇත . ඉහත රූප තුනේ ඉන්නා සුනඛයින් අවුරුදු දාස් ගානක් නොවෙනස්ව පැවත ආවවුන් යන්න විශ්වාෂ කෙරේ .
සජාන් ගෙන් තවත් වෙනත් විෂයක්. සලුකි පමනක් දැණගෙන සිටියෙමි.
ReplyDeleteස්තුතියි අරූ.
Deleteතව මෙයාල ගැන ලියන්න කරුනු ගොඩක් තියනව .
මම හිමින් ඒවත් ලියන්නම්.
මට ඒ suluki දැකලා පුදුම හිතුනා. මොකද මුස්ලිම් ජාතිය බල්ලන්ව ප්රිය කරන්නේ නෑනේ.
ReplyDeleteඔයා හරි
Deleteඒත් ඒ සුනඛ ජාතිය ඊජිප්තු සම්භවයක් තියන උන් නිසා අරාබි කාරයො බයද දන්නෑ හිරිහැර කරන්න :- ))