එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය
ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී . අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම , යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහක් ඇතුලත් කිරීම අරමුණකොටගෙනය .
අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය .
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන් ගේ සංගමය යි .ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන් ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් කළේ ය . මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්බය ලෙස සදහන්වේ .
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නමක් ලෝකයට නිවේදනය කළේ 1942 දී ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස් කෝවේ සිටයි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යන නම යෝජනා කළේ ඇමෙරිකාවේ ජනාධිපති ප්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මහතාය . පළමු වැනි නිවේදනයට ද ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කළේ රූස්වෙල්ට් මහතායි .
නැවත එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ . සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය .
චීනය, සෝවියට් දේශය , එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝඹර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය . සෑම වසරකම ඔක්තෝඹර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ .
එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා ඇත්තේ - නිව්යෝක් හා මැන්හැටන් හි ජාත්‍යන්තර භූමිප්‍රදේශයේය
නිල භාෂාවන් - ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ , අරාබි , චීන
එක්සත් ජාතීන්ගේ සමුළුවක චායාරූපයක්
එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය.
- ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
- ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම .
- පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම .
- ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම .
- සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත .
- සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතු ය .
- එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම .
- සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතු ය .
- සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම .
- සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතු ය .
එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරකම් ලෝව පුරා පැතිර පවතින අතර ඒවා සිදු කෙරෙන ප්‍රධාන ආයතන හයක් පවති එනම් .
මහා මණ්ඩලය | ආරක්ෂක මණ්ඩලය | භාරකාරත්ව මණ්ඩලය | අන්තර් ජාතික අධිකරණය | ආර්ථික හා සමාජ මණ්ඩලය | ලේකම් කාර්යාලය
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අරමුදල් ලබාදෙන ප්‍රධාන රටවල් 10 පිලිවලින්
- එක්සත් ජනපදය - 22.000%
- ජපානය - 12.530%
- ජර්මනිය - 8.081%
- එක්සත් රාජධානිය - 6.604%
- ප්‍රංශය - 6.123%
- ඉතාලිය - 4.999%
- කැනඩාව - 3.207%
- චීනය - 3.189%
- ස්පාඤ්ඤය - 3.177%
- මෙක්සිකෝව - 2.356%
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල ජාතික කොඩි
මේ ලින්ක් එක හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් රටවල් - පලාත් හා ඒවාට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් දී ඇති CODE,s ලබාගන්න පුලුවනි . මෙතනින් යන්න.
උපුටා ගැන්ම - Wikipedia
ස්තුතියි - සජාන්
වැඩි අවධානයට ලක් නොවෙන තොරතුරු ටිකක්. වටිනවා.
ReplyDeleteමේ ගැන ලොකු විස්තරයක් තියනව ඔක්කොම ලිව්වොත් මේ කියවන ටිකවත් කියවන්න එපා වේවි ඒකයි හික් ..
DeleteThis comment has been removed by the author.
ReplyDelete